මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්ල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු ගැන සාකච්ඡාවක් - ඒකාබද්ධව පොදු සැලසුමක් යටතේ කටයුතු කළ යුතුයි- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජනවාරි 11, 2023

    "ඇල්ල සංචාරක කලාපයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පොදු සැලසුමක් යටතේ කටයුතු කළ යුතු බව  ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ,ඇල්ල සංවර්ධන වැඩසටහන පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධානතම මාර්ගයක්‌ ලෙස සංචාරක කර්මාන්තය වෙත මේ මොහොතේ ප්‍රමුඛ අවධානයක් ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්. විශේෂයෙන්ම ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ඇල්ල ප්‍රදේශය සංචාරක කර්මාන්තය උදෙසා වඩාත් විධිමත්ව සංවර්ධනය කිරීම ඉතාමත් වැදගත්. පසුගියදා අතිගරු ජනාධිපතිතුමා එම ප්‍රදේශ නිරීක්ෂණය කරමින් එහි වැදගත්කම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරනු ලැබුවා.

    ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පොදු සැලසුමක් යටතේ ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. පරිසරයට හා ජන ජීවිතයට බලපෑමක් සිදු නොවන පරිදි මෙම සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. දැනට අවිධිමත්ව සිදුවන සංචාරක ව්‍යාපාරය වඩාත් විධිමත් කර දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් මෙම ප්‍රදේශයට ලබා ගැනීම තුළින් වැඩි ආයෝජන අවස්ථාවන් සහ විදේශ විනිමය ඉපයීමේ හැකියාවද ඉහළ යනු ඇත.

    ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග හා මාර්ග රක්ෂිත ආශ්‍රිතව කරනු ලබන ඉදිකිරීම් කටයුතු පිළිබඳව විධිමත් සැලසුමකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එමෙන්ම සංචාරකයින්ට වඩාත් හිතකර ලෙස පවතින පහසුකම් ඉහළ නැංවීම උදෙසා රාජ්‍ය අංශයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයෝජකයින්ට අවස්ථාවක් ලබා දීම මූල්‍ය අර්බුදයක් පවතින මේ අවස්ථාවේ වඩාත් කාලෝචිතයි.

    ඒ වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව සතු හඳුනාගත ආයෝජන වටිනාකමකින් යුතු ඉඩම් සුදුසු ආයෝජන සඳහා දීර්ඝකාලීනව ලබාදීම මගින් වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

    එහිදී විශේෂයෙන් ඇල්ල ජල පෝෂක ප්‍රදේශය හා පාරිසරික වටිනාකමට හානි නොවන පරිදි මෙම කටයුතු සිදු කිරීම හා අධීක්ෂණය කිරීම ඉතාමත් වැදගත්.

    මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ , මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya