මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන අභියෝග පැමිණිය ද රටේ ප්‍රමුඛ වියදම් කප්පාදු කිරීමට සූදානමක් නෑ- මුදල් රාජ්‍ය අමාත්‍ය

    ජනවාරි 11, 2023

    කුමන අභියෝග පැමිණිය ද මුදල් අමාත්‍යාංශය රටේ ප්‍රමුඛ වියදම් කප්පාදු කිරීමට සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

    රජයේ සේවකයන්ට පඩි ගෙවීමේ නොහැකියාව හා රාජ්‍ය ආයතන විදයම් කප්පාදුව සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තා පිළිබඳව මුදල් අමාත්‍යංශය යටතේ අද(ජනවාරි11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය ඉතා ඉහළ මූල්‍ය කළමනාකරණයක නිරත වෙමින් රටේ ප්‍රමුඛ මූල්‍ය අවශ්‍යතා අනුපිළිවෙළක් සහිතව සපුරාලමින් සිටින බවයි.

    වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි, සෞඛ්‍ය ආදී වියදම් මූල්‍ය කළමනාකරණයේ ප්‍රමුඛස්ථානයේ ඇති බවත්, කිනම් අභියෝගය පැමිණියද ඉහළම ප්‍රමුඛත්වය තිබෙන වියදම් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවීමට ඉඩ නොදෙන බවත්, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

    “අපි තවමත් 100ක් හොයල 300ක් වියදම් කරන්නෙ කොහොම ද කියන අභියෝගෙ ඉන්නෙ. නමුත් මුදල් අමාත්‍යාංශය මේ තීරණාත්මක මොහොතේ ඉතා හොඳ මූල්‍ය කළමනාකරණයක් සිදු කරනවා. ඒක තමයි අපට කාලයක් නොතිබුණු දේ. මොකක් ද කළමනාකරණය කියන්නෙ? තියෙන සීමිත මූල්‍ය සම්පත් ප්‍රමාණය ඉතා හොඳ ක්‍රමානුකූල පෙළ ගැස්මක්, අනුපිළිවෙළක් ඇතිව වැය කිරීම. ඒකෙන් ප්‍රශ්න බොහොමයක් නිරාකරණ කර ගන්න පුළුවන්” යැයි අමාත්‍යවරයා පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya