මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

    ජනවාරි 11, 2023

    වෙළඳ ගිණුමේ හිඟය, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පවතින බව මහ බැංකුව සඳහන් කරයි.

    2022 නොවැම්බර් මස විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇත.

    පසුගිය 2021 වසරේ නොවැම්බර් මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 553ක වෙළෙඳ ගිණුමේ හිඟයට සාපේක්ෂව 2022 වසරේ එම හිඟය ඩොලර් මිලියන 450ක් දක්වා පහළ බැස ඇති බවත්, පසුගිය 2021 වසරේ නොවැම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,211ක් ලෙස සඳහන්ව තිබූ අතර එය 2022 වසරේ නොවැම්බර් මාසයේ ඩොලර් මිලියන 994ක් දක්වා පහළ ගොස් ඇති බවත් මහ බැංකුව සඳහන් කර ඇත. ඇඟලුම් අපනයන සඳහා වූ ගෝලීය ඉල්ලුම පහළ යෑම ඊට ප්‍රධාන හේතුව වී තිබේ.

    එමෙන්ම 2021 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය වසරේ නොවැම්බර් මස වෙළෙඳ භාණ්ඩ ආනයනය ද සියයට 18.1කින් පහළ ගොස් ඇති බවත්, 2021 වසරේ නොවැම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ ආනයන විදයම ඩොලර් මිලියන 1,765ක් ලෙස සඳහන් වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලයේ ඩොලර් මිලියන 1,445ක් වූ බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

    එමෙන්ම පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත්, පසුගිය නොවැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් ඩොලර් මිලියන 355ක් ලැබී තිබූ අතර එය නොවැම්බර් මාසයේ ඩොලර් මිලියන 384ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

    2022 වසරේ නොවැම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් පෙර මාසයට වඩා වැඩි වූ අතර සංචාරක පැමිණීම්වල සියයට 40කට වඩා වැඩි වර්ධනය එයට දායක වූ බවද මහ බැංකුව පෙන්වා දෙයි.

    2022 වසරේ නොවැම්බර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya