මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ දින වල පැතිරයන උණ ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක්- හිතුමතේ ඖෂධ ලබාගන්න එපා - කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ

    ජනවාරි 11, 2023

    රටපුරා මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක් බවද ඒ සඳහා හිතුමතේ ෆාමසි වලින් හිතුමතේ ඖෂධ ලබා නොගෙන සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නා ලෙස කොළඹ මහ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (11) සෞඛ්‍ය ප්‍රවර්ධන ක‌ාර්යංශයේදී මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරයන උණ රෝගය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙම උණ රෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන්නා වූ ආසාදනයකින් හටගන්නා බව කියා සිටි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා මෙහි රෝග ලක්ෂණ වශයෙන් කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව ආදිය හටගන්නා බවද සඳහන් කළේය.

    බොහෝ රෝගීන්ට වෛරසය සුව වුව පසුවද දීර්ඝකාලීනව කැස්සක් පවතින බවද, වෛරසය නිසා ශරීරයේ පෙනහලු වල යම් ප්‍රතික්‍රියාවක් ඇතිවන බවද ශරීරය විසින් වෛරසය මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කරන ප්‍රතිදේහ සහ ඒවා ක්‍රියාත්මක වීම හේතුවෙන් පෙනහලු වල ඇති නාල කුඩා වීමක් සිදුවන බවද ඔහු අවධාරණය කළේය.

    ගර්භණී කාන්තාවන්, වයස්ගත පුද්ගලයන්, වකුගඩු ආබාධ වලින් පෙලෙන්නන් මෙම උණ රෝගය වැළඳුනහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර බාගැනීම අවශ්‍ය බවද, මෙවැනි පුද්ගලයින්ට මෙම රෝගී තත්ත්වය උග්‍ර වුවහොත් මරණය පවා ඇතිවිය හැකි යැයිද කියා සිටියේය.

    මෙම දිනවල ඩෙංගු සහ මී උණද ව්‍යාප්ත වන බව කියා සිටි විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා උණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසද සඳහන් කළේය.

    ඩෙංගු රෝගයේ ලක්ෂණ ලෙස දැඩිඋණ ගතිය සමග දැඩි ශරීර වේදනාව සහ කොන්දේ කැක්කුම හටගත හැකි යැයිද, උණ සෑදුණු විට පැරසිටමෝල් පමණක් උණ සඳහා භාවිතා කරන ලෙසද පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya