මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා දිවයිනට

    ජනවාරි 11, 2023

    පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (10) රාත්‍රී දිවයිනට පැමිණීයේ ය.

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා සහ සහකාර මහ‍ ලේකම් ටිකිරි ජයතිලක මහතා විසින් මහ ලේකම්වරයා ඇතුළු පිරිස පිළිගනු ලැබිණි.

    ට්විග් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට ඒ මහතා සමග පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ උපාය මාර්ගික සහ කාර්යය ප්‍රධානී එමිලී ඩේවීස් මෙනවියද පැමිණියාය.

    පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතාගේ මෙරට සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා,සභානායකවරයා, විපක්ෂ නායකවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන්ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya