මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර විශ්වවිද්‍යාලය පළාතේ සංවර්ධන ක්‍රියාවලියට එක් වෙයි

    ජනවාරි 11, 2023

    ඉදිරි වසර සඳහා නැගෙනහිර පළාතේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර එම යෝජනා ක්‍රියාත්මක විය යුතු ආකාරය හා ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමේ විශේෂ වැඩමුළුවක් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් හා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පෙරවරුවේ උප්පුවේලි පිහිටි කළමණාකරණ අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

    නැගෙනහිර පළාත් ඉතිහාසයේ මෙවැනි වැඩමුළුවක් සංවිධානය කල පලමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. මෙම වැඩමුළුවේදී ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩසටහන් දියත් කිරීමේදී ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු ආකාරය, එම සංවර්ධන වැඩසටහන් තෝරාගැනීම සඳහා වන නිර්ණායක පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස මහාචාර්‍යවරුන් කරුණු පැහැදිලි කළහ.

    කෘෂිකර්ම, ධීවර, බලශක්ති හා දේශගුණ විපර්යාසයන් යන අංශවලින් විවිධ පර්යේෂණ සිදුකල මහාචාර්යවරුන් විසින් එම විෂයන් පිලිබඳව පළාත් බලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර එම අදහස් හා යෝජනාද පදනම් කරගනිමින් ඉතා කඩිනමින් ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුකාරවරිය ඒ මොහොතට පැමිණ සිටි ආයතන ප්‍රධානීන් හමුවේ අවධාරණය කලහ.

    මේ අවස්ථාවට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන ඒ.පතිනාතන්, ආචාර්ය ප්‍රේමකුමාර්, ආචාර්ය ප්‍රභාහරන්, ආචාර්ය ප්‍රියංකර මහතා ඇතුලු මහාචාර්යවරුන් පිරිසක්ද පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු පළාත් සභාවට අයත් සියලු ආයතනවල ප්‍රධානීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya