මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය වාර්තා කළ ආකාරයට දුම්රිය ගමන් වාර අවලංගු වී නෑ - ප්‍රවාහන ඇමති, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පෙන්වා දෙයි

    ජනවාරි 11, 2023

     දුම්රිය ගමන්වාර අවලංගුවීම නැවැත්වීමට මෙම මස අවසන් වන විට වැඩපිළිවෙළක්
     නව දුම්රිය කාලසටහනක් පෙබරවාරි මුලදී
     දුර ගමන් දුම්රිය ටිකට්පත් 100%ක්ම මාර්ග ගත ක්‍රමයට මිලදීගැනීමට අවස්ථාව ලබාදීම පිළිබඳ අවධානය

    මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට සේවකයින් විශ්‍රාම යෑම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු නොවූ බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශ්‍රාම යාම හේතුවෙන් යම් දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු කිරීමට වුවද එය මාධ්‍ය මගින් වාර්තා කළ අකාරයේ වැඩි දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් නොවන බවයි. සුළු දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු වූ විට එය විශාල ප්‍රමාණයක් ලෙස මාධ්‍ය මගින් පෙන්වීම සිදු කළ බවද එම නිලධාරීහු පෙන්වා දුන්හ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, කටුනායක ගුවන්තොටුපළට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් පැමිණීම නිසා ඉන්ධන සැපයීම සඳහා වැඩි දුම්රිය සංඛ්‍යාවක් පසුගිය දිනවල යෙදවීමට සිදු වූ බවත්, එම හේතුව නිසාවෙන්ද දුම්රිය ධාවනය තරමක් අවම කිරීමට සිදු වූ බවත්ය. එසේම මාධ්‍ය වාර්තා කළ ආකාරයට දුම්රිය ගමන්වාර අවලංගු නොවූ බවට ඉදිරියේදී කරුණු පෙන්වා දීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

    තවද නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන් යම් දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු වූවේ නම් එයද මෙම මස අග වන විට අවසන් කිරීමට ඇති හැකියාව පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසූ අතර, එහිදී නිලධාරීන් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය පත් කිරීම් මේ වන විටත් සිදු කරමින් පවතින නිසා මේ මස අග වන විට එය සිදු කළ හැකි බවයි. එසේම පසුගිය වසර අගදී විශ්‍රාම ගොස් ඇත්තේ දුම්රිය රියදුරන් 10 දෙනෙකු පමණක් බවත් ඔවුහු පැවසූහ. එසේම එළඹෙන පෙබරවාරි මුලදී පවතින ධාරිතාව අනුව නව දුම්රිය කාලසටහනක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මීට අමතරව “ඇල්ල-ඔඩිසි” වැනි සංචාරක ආකර්ශනය සහිත දුර ගමන් දුම්රිය සේවාවන් සඳහා ටිකටිපත් මිලදීගැනීම 100% ක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇනවුම් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

    එසේම (203 අධිකාරිය වූ) මෝටර් වාහන පනතේ 158 වගන්තියේ (2) සහ (3) උපවගන්ති සමග කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජූලි 07 දිනැති අංක 2287/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සඳහා කාරක සභාවේ අනුමතිය ලබාගැනීමද මෙහිදී සිදු විය.

    මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සිරිපාල ගම්ලත්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අනුරාධ ජයරත්න, ශාන්ත බණ්ඩාර, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  මහින්දානන්ද අලුත්ගමගේ, මධුර විතානගේ,   සම්පත් අතුකොරල,  ලලිත් වර්ණකුමාරථ ගරු සෙල්වම් අඩෙයිකලනාදන්,  (මහාචාර්ය) රංජිත් බණ්ඩාර, ගරු මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා,  ප්‍රේම්නාත් සී
    දොළවත්ත,  උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,  මුජිබර් රහුමාන්, ගුණතිලක රාජපක්ෂ, සුමිත් උඩුකුඹුර සහ  මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya