මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 ලෝක රග්බි කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවට රැගෙන ඒම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

    ජනවාරි 11, 2023

    2023 ලෝක රග්බි කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවට රැගෙන ඒම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය කාර්යාලයේදී  (10) පැවැත්වුණි.

     

    ඒ සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දීමට මාස්ටර් කාර්ඩ් ශ්‍රී ලංකා ආයතනය ( Master Card Sri Lanka ) කැමැත්ත පළ කර තිබේ.

    වෙනත් රටකට එම කුසලානය ප්‍රථම වරට රැගෙන එනු ලබන අතර එම අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිකරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

    මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ . මහේෂන් මහතා , mastercard sri lanka ආයතනයේ අධ්‍යක්ෂිකා මහේශා අමරසූරිය මහත්මිය, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා, ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya