මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂක පනතක්

    ජනවාරි 11, 2023

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාතික ආරක්ෂක පනත යනුවෙන් වෙනස් කර නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව අධිකරණඅමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා වෙත භාර දීම (9) එම අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂක පනතක් කෙටුම්පත් කිරීම සඳහා අතිරේකසොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරිල් පුල්ලේ සහ ජනාධිපති නීතිඥ නලින් ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව පත්කරනලද විශේෂඥ කමිටුව විසින් කෙටුම්පත් කළ ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.

    එම අවස්ථාවට නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, නීති කෙටුම්පත් සම්පාදකදෙපාර්තමේන්තුවේ අතිරේක නීති කෙටුම්පත් සම්පාදක ඩී.ඩී. කුලසේන, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් හිරන්‍යා පෙරේරා, සහකාරලේකම්වරුන් ඇතුලු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya