මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික අර්බුදයකට ආර්ථික විසඳුමක් මිස දේශපාලන විසඳුමක් නොමැත- ජනමාධ්‍ය අමාත්‍ය

    ජනවාරි 11, 2023

    මේ මොහොතේ දේශපාලන පක්ෂ හා ප්‍රතිපත්ති කිසිවක් වලංගු නොවන බවත්, ඉතිහාසයේ නොවූවිරූ අයුරින් මේ මොහොතේ ඇති වී තිබෙනුයේ ආර්ථික අර්බුදයක් බවත්, ආර්ථික අර්බුදයකට ආර්ථික විසඳුමක් මිස දේශපාලන විසඳුමක් නොමැති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (ජනවාරි 01) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකට එකතු වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ වන විට අප සතුව විදේශ සංචිත නොමැතිවීමත්, විදේශ විනිමය නොමැතිවීමත් හේතුවෙන් විදේශ රටවලින් ණය හා අනෙකුත් ලැබීම් නොලැබුනහොත් රට ඉදිරියට ගෙනයා නොහැකි තත්වයක් ඇතිවී තිබෙන බවත්, එම නිසා දේශපාලන වශයෙන් ඇත්තේ ඇත්තේ රට වෙනුවෙන් පෙනීසිටින කඳවුරත් දේශපාලනය වෙනුවෙන් පෙනීසිටින කඳවුරත් යන කඳවුරු දෙක පමණක් බවත්, අමාත්‍යවරයා පැවසීය.
    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “රටවෙනුවෙන් පෙනීසිටින කඳවුරේ සියලු දෙනා එක්කරගෙන මහජනතාව වෙනුවෙන් මේ රටේ දිශානතිය බේරාගැනීමේ ප්‍රතිපත්තියයි මේ මොහොතේ සියලු දෙනාම එක්ව ක්‍රියාත්මක කළ යුතු වන්නේ.” යනුවෙන් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya