මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් රැකියා සඳහා ලංකාවේ තරුණ තරුණියන්ට වැඩි ඉඩක්

    ජනවාරි 10, 2023

    ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින් ට වැඩි අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකී (Mizukoshi hideaki ) මහතා එකඟ වී තිබේ.

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමඟ අද (10) ක්‍රීඩා අමාත්‍යංශයේ දී දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැවැති සාකච්ඡාවක දී තානාපතිවරයා මෙසේ පැවසීය.

    ශ්‍රී ලංකාව තුළ පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා ජපන් රජයේ මැදිහත්වීමෙන් පුහුණු ආයතනයක් ඇති කිරීමටත් ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීමටත් කැමැත්ත පළ කර තිබේ.

    ජපානය තුළ ඇති රැකියා අවස්ථාවන් පිළිබඳව සහ එම රැකියා සඳහා යොමු වීමේදී සපුරාගත යුතු දැනුම කුසලතාවය සහ භාෂා හැකියාවන් පිළිබඳව මෙම පුහුණු මධ්‍යස්ථානයේ දී අවබෝධය ලබාදීමට අපේක්ෂා කෙරේ.

    ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ජලාශයක් ඉදි කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ජපාන නියෝජිතයින්ගෙන් ඉල්ලා තිබේ. ඒ සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ඉදිරියේදී ඒ පිළිබඳ අවධානය යොමුකරන බවත් එහිදී ජපාන තානාපති වරයා පවසා තිබේ.

    ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුකරුවන් ඇතුළු තාක්ෂණික නිලධාරීන් ශ්‍රී ලංකාවෙන් ලබාදීමට හැකි බව ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

    මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් චන්දන ජයලාල් , ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ඇතුළු නිලධාරීන් සහභාගි විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya