මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විකල්පයකට අනුව විදුලි ගාස්තු අඩු කිරීමට හැකිනම් එය සිදුකරනවා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

    ජනවාරි 10, 2023

    විදුලි ගාස්තු මිල සූත්‍රය සෑම මාස 06කට වතාවක් සංශෝධනයට සැලැස්මක්-අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස්

    අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීම සඳහා ඉන්ධන හා සමානව විදුලි ගාස්තු මිල සූත්‍රයක් සකස් කළ යුතු බව හා එම මිල සූත්‍රය සෑම මාස 06කට වතාවක් සංශෝධනය කිරීම සඳහා සැලැස්මක් සකස් කළ යුතු බව කැබිනට් මණ්ඩලය විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට උපදෙස් ලබාදුන් බවත්, ඒ අනුව විදුලි බිල්පත කාලානුරූපීව වෙනස් වන අයුරින් සැකසීම සිදුවන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(ජනවාරි 01) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සංශෝධනය වූ විදුලි ගාස්තු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    විකල්පයකට අනුව විදුලි ගාස්තු අඩු කිරීමට හැකියාවක් තිබේ නම් එය සිදුකරන බවත්, වැඩිපුර ගෙවූ පිරිසට ගාස්තුවලින් ඒ සම්බන්ධ සාධාරණයක් ඉටුකරන බවත්, කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කළ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

    අඛණ්ඩව විදුලි බලය සැපයීම සඳහා වඩා සාර්ථක විකල්ප පෙන්වාදීම සඳහා පෙබරවාරි 15 වන තෙක් දිනය ලබාදී ඇති බවත්, අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර කොමිෂන් සභාවේ මතය ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයට කොමිෂන් සභාවට නිර්දේශ කළ බවත්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම අඛණ්ඩ විදුලිබල සැපයීම සඳහා විදුලි බිල වැඩිකිරීම අත්‍යාවශ්‍ය නම් අකැමැත්තෙන් වුවද ජනවාරි 01 දා සිට විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවන බවද, මහජන උපයෝගිතා කොමිෂමට වෙනත් විකල්පයක් ඇත්නම් රටේ ජනතාවගේ ජීවන තත්වයේ පහසුව වෙනුවෙන් ඉදිරිපත් කළයුතු බවද අමාත්‍යවරයා පැවසීය.

    2023 විදුලි බල ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කරමින් විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළ බවත්, අවශ්‍ය සංශෝධනය සිදු නොකර ඉදිරියට කිසිවක් කළ නොහැකි බව අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන් තමන්ට පැහැදිළි කළ බව එහිදී අමාත්‍යවරයා පැහැදිළි කළ බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

    මීට අමතරව අද තිබෙන තත්වය අනුව විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය බොරතෙල්, ගල් අඟුරු ගෙන්වූවද එම නැව්වලට මුදල් ගෙවීමට නොහැකි බවත්, එම මුදල් ගෙවීමේ නොහැකියාව නිවැරදි කරගැනීම සඳහා බැංකු ණය ලබාගැනීමට අවශ්‍ය වුවද බැංකු ණය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවද, ගාස්තු වැඩිවීමකින් තොරව අඛණ්ඩ විදුලි සැපයීමක් සිදුකළ නොහැකි බව අමාත්‍යවරයා පැහැදිළි කළ බවද, බන්දුල ගුණවර්ධන මහතා  කීවේ ය.

    එමෙන්ම අඛණ්ඩව විදුලිබල සැපයුමක් සහතික කිරීම සඳහා විදුලි පාරිභෝගිකයාට සිදුවන හානිය හැකි තාක් අවම කරගනිමින් සැපයීම සඳහා වන පිරිවැය පමණක් ආවරණය කිරීමට ඉදිරිපත් කරන මිල සංශෝධනයක් තුළින් ඉටුවිය යුතු බව කැබිනට් මණ්ඩලය තීරණය කළේ යැයිද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    එහිදී කුමන හේතුවක් නිසා හෝ විදුලිය විසන්ධි නොකිරීමේ එකඟතාව මත මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ඇතිව හෝ ඔවුන් කරන වෙනස්කම්වලට අවස්ථාව ඇතිව ජනවාරි 01 දා සිට විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැති ලබා දුන් බවද අමාත්‍යවරයා පැවසීය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති අර්බුදය සම්බන්ධ සොයා බැලීමට පිහිටුවාගත් කැබිනට් අනුකාරක සභාව විසින් ඉදිරිපත් කළ මාර්ග සිතියමට කැබිනට් අනුමැතිය ලබාදුන් බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    බල ශක්ති ක්ෂේත්‍රය තිරසාර අන්දමින් සංවර්ධනය අරමුණු කරගනිමින් අනුගමනය කළයුතු ප්‍රතිපත්ති හා උපායමාර්ග හඳුනාගෙන කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම අරමුණ කරගනිමින් කටයුතු කිරීමත් අවශ්‍ය මාර්ග සිතියම ඉදිරිපත් කිරීමත් මෙම අනුකමිටුව හඳුන්වාදීමේ අරමුණ වූ බව අමාත්‍යවරයා පැවසීය.

    බලශක්ති ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන අර්බුදයකට මුහුණපා සිටින ක්ෂේත්‍රයක් බවත්, ඉල්ලුමට අනුව සැපයුම ලබාදිය නොහැකි වීම හේතුවෙන් බලශක්ති හිඟයක් ඇතිවී තිබෙන බවත්, ඉදිරි දශකය සඳහා බලශක්ති විභවයන් ක්‍රමෝපායන් පිළිබඳ මාර්ග සිතියමක් සකස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවත්, අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya