මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම අමාත්‍යංශවල වියදම් 5%කින් කපාහරිනවා - මෙම මස කෙටි පමාවක් වුණත් සමෘද්ධි දීමනා අනිවාර්යයෙන් ගෙවනවා

    ජනවාරි 10, 2023

    සියලුම අමාත්‍යංශ වල ඇස්තමේන්තුගත වියදම් 5%කින් කපාහරින බවද ඇතැම්විට මෙම මාසය තුළ සමෘද්ධි දීමනාව ගෙවීම කෙටි පමාවක් සිදුවුවද අනිවාර්යයෙන් ගෙවීම් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    විදේශ ණය ආධාර ලබාගත නොහැකි තැනක රට සිරවී සිටින නිසා අකමැත්තෙන් වුවද මෙම තීන්දු ගැනීමට සිදුවන බව ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    සියලු උපාය උපක්‍රම භාවිතා කරමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා යනාදිය ගෙවාගෙනයාම සඳහා රජය මෙන්ම මුදල් අමාත්‍යංශය කටයුතු කරන බවද පැවසුවේය.

    2023 අයවැය ලේඛණයෙන් මුළු අමාත්‍යංශ සඳහා මුදල් වෙන්කර ඇතැයිද ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් වලින් පුනරාවර්තන වියදම් කැපීම අසීරු බවද එම නිසා ප්‍රාග්ධන වියදම් වලින් වැඩි වශයෙන් එම කප්පාදුව සිදුවන බවද කියා සිටියේය.

    අමාත්‍යංශයක සේවක වැටුප්, ගමන් වියදම්, එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් ආදිය කප්පාදු කිරීමට අසීරු වුවද එවැනි වියදම් ද අඩු කිරීමට උත්සාහ දරන බව කියා සිටි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යංශ වල සෑම පිරිවැයක්ම එනම් එදිනෙදා පවත්වාගෙන යාමේ පිරිවැය ඇතුළුව හැකිතාක් අඩුකරන ලෙස මුදල් අමාත්‍යංශය විසින් සෑම අමාත්‍යංශයකටම චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද සිහිපත් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya