මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    ජනවාරි 10, 2023

    රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුලු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නෑ

     රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍ය වරයා මුදල් අමාත්‍යාංශයේදී නිවේදනයක් නිකුත් කරමින් අද (10) පැවසීය.

    “පවතින ආර්ථික අර්බුදයෙන් මේ වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතුන ද මෙම අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට හැකියාවක් තවමත් ඇති වී නොමැති බව අපි පිළිගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය පූර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීමේදී අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවයන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ගෙවීම් සිදු කරනවා. මේ පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නොවේ.” යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් එහිදී පැවසීය.

    එමෙන්ම, මේ වන විට රජයෙන් යම් යම් ව්‍යාපෘති වෙනුවෙන් ගෙවීමට ඇති බිල්පත් පියවීම සඳහා ක්‍රමවත් හා අධියරයන් වශයෙන් වැඩපිළිවෙලක් මේ වන විට අදාල අමාත්‍යාංශ සමඟ සාකච්ඡා මට්ටමින් පවතී.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya