මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස මුහුදු කූඩැල්ලන් වගාව ප්‍රවර්ධනයට පියවර

    ජනවාරි 09, 2023

    රටේ පවතින ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස මුහුදු කූඩැල්ලන් වගාව ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ජනතාව මුහුදු කූඩැල්ලන් වගාවට හුරුවී ඇති හෙයින් ඒ තුළින් රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයක් ලෙස මුහුදු කූඩැල්ලන් වගාව ප්‍රවර්ධනය කිරීමට හැකි වන බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ කිලිනොච්චිය කිරන්චි ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් වගාකරුවන් සදහා හිමිකම් පත් ප්‍රදානය කිරීමට ජනවාරි 08දා පැවති උත්සවයට එක්වෙමිණි.

    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටින බවත්, විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් ලෙස ධීවර කර්මාන්තයට විශේෂ තැනක් හිමිවන බවත්, එය වඩාත් වර්ධනය කර අපනයනය වැඩිකිරීම ඉලක්ක කරගත් ජලජීවි වගාව ව්‍යාප්ත කිරීම තම අරමුණ බවත්, පැවසීය.

    එමෙන්ම මුහුදු කූඩැල්ලන්ට අමතරව රට අභ්‍යන්තරයේ ජලජීවි වගාව හා ඉස්සන් වගාව දියුණු කිරීම තුළ මෙම කර්මාන්තය රටේ ප්‍රධාන අදායම් මාර්ගයක් බවට පත්කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya