මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 වසරේ රබර් ආශ්‍රිත අපනයන ආදායම ඉහළට

    ජනවාරි 09, 2023

    2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ රබර් ආශ්‍රිත අපනයන තුළින් ලද ආදායම 39 % කින් ඉහළ ගොස් ඇති බවත් , රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය 93 % කින් පමණ පහළ ගොස් ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ලේ (08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසූයේ, 2022 වසරේ මැද භාගය වන විට රබර් මිල සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් දේශීය රබර් ගොවියාට රබර් වෙළඳපලක් නැති තත්ත්වයක් ඇති වූ බවයි.

    මේ පිලිබඳව සොයා බැලීමේදී අපේ රට රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සඳහා රබර් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බැවින් අමුද්‍රව්‍ය ලෙස රබර් අපනයනය සිදු කළද එය ප්‍රමාණය ඉක්මවා සිදු කිරීම නිසා මේ ගැටලුව ඇති වී තිබෙන බව හෙලි වූ බවද අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව අදාල පාර්ශව එක්ව සකස් කළ වැඩපිලිවෙල මත 2021 දෙසැම්බර් මාසයේදී , අමුද්‍රව්‍යක් ලෙස කළ ආනයනය කළ රබර් මෙට්‍රික් ටොන් 22000 ක ප්‍රමාණය 2022 දෙසැම්බර් මස වන විට මෙට්‍රික් ටොන් 1548 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

    එමෙන්ම 2021 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1050 ක්වූ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයද 2022 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1463 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya