මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් අද සිට බෙදා හැරේ

    ජනවාරි 09, 2023

    චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් අද (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි චීන රජය විසින් ඩීසල් ලීටර් මිලියන 10.06ක් මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා සැළකිල්ලට ගනිමින් නොමිලයේ පරිත්‍යාග කරනු ලැබීය.


    ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සදහා ඩීසල් ලීටර් මිලියන 6.98ක් ලබා දුන් අතර ඉතීරි ප්‍රමාණය ධීවර කටයුතු සඳහා යොදවනු ලැබීය.


    එම ඉන්ධන තොගය ලැබෙන විටත් මෙරට ගොවි ජනතාව වගා කටයුතු අවසන් කර තිබු බැවින් එම ඉන්ධන තොගය වී අස්වනු නෙළන අවස්ථාවේ දී නොමිලයේ ම ලබා දීමට කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.


    මෙම ජනවාරි මාසය අවසන් වන විට අප රටේ ඇතැම් ප්‍රදේශ වී අස්වනු නෙලීම ආරම්භ වන බැවින් එම ඉන්ධන තොගය වී වගා කරන ගොවි ජනතාව වෙත නොමිලයේ බෙදා හැරීම් කටයුතු (09) දින සිට ආරම්භ කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි.


    මෙම ඉන්ධන තොගය එක් එක් ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට සැළසුම් කර ඇති අතර එකී වවුචර පත නිල වශයෙන් නිකුත් කිරීම (09)දින පෙරවරු 11.00 කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී සිදු කෙරේ.


    මෙම වැඩ පිළිවෙළ යටතේ අක්කර බාගයේ සිට හෙක්ටෙයාර් 02 දක්වා වී වගා කරන ගොවීන්ට අස්වනු නෙලීම සඳහා නොමිලයේ ඉන්ධන ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හා හෙක්ටෙයාර් 02ක් සඳහා ඩීසල් ලීටර් 30ක් ද වශයෙන් ලබා දීමට කටයුතු යොදා තිබේ.


    මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙත සහන සැලසීම සදහා රජය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩ පිළිවෙළ යටතේ රජය මෙන්ම ජාත්‍යන්තරයෙන් ලද සහනාධාර ද ඇතුළත්ව හෙක්ටෙයාර් 01ක් වගා කරන ගොවියෙකුට දී රුපියල් ලක්ෂ එකහමාරක පමණ සහනාධාර ප්‍රමාණයක් රජයේ මැදිහත්වීම යටතේ ලබා දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya