මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහසේ 75 වසර සමරන අවස්ථාවේ, සංචාරකයන් ආකර්ෂණය කරගන්නා වැඩසටහනක් දියත් කරමු- පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන

    ජනවාරි 09, 2023

    "නිදහසේ 75 වසර සමරන අවස්ථාවේ, සංචාරකයන් ආකර්ෂණය කරගන්නා වැඩසටහනක් දියත් කරමු යැයි කොළඹ සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    බිම් මට්ටමේ ප්‍රජාව වැඩ කිරීමට සූදානම් බව පැවසූ යදාමිණි ගුණවර්ධන මහතා, තම වගකීම් පැහැර හැරීමට උත්සාහ කරන නිලධාරීන් පිළිබඳව වාර්තා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ 2023.01.05 වන දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

    එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා;
    "උතුරු කොළඹ ධීවර වරායට මාළු සැකසුම් යන්ත්‍ර ලබා දුන්නේ එම වරායේ අසුවන මාළු සැකසීමට පමණක් නොවේ. එම යන්ත්‍ර ප්‍රයෝජනයට නොගන්නේ නම් ඒවා භාවිත කළ හැකි වෙනත් පිරිසකට ලබාදිය යුතුයි. ඒවා කාර්යක්ෂමව භාවිතා කිරීමට කැමති අයට කාල සටහනකට අනුව පැමිණ, මාළු සැකසීමට ඉඩ දිය හැකියි. එවැනි දෙයක් කළහොත් ආදායමක් ලබා ගත හැකියි"

    “අද මේ රැස්වීමට නොපැමිණෙන රාජ්‍ය ආයතන ගැන වාර්තාවක් අවශ්‍යයි. මේක පුරුද්දක් විදියට කරගෙන යන්න බෑ. මීට පෙර පැවැති සම්බන්ධීකරණ රැස්වීම්වලදී රජයේ ආයතනවලට ඉදිරිපත් කළ කරුණු ඉටුවී තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ මස 31 වැනිදාට පෙර වෙනත් වාර්තාවක් සකස් කරමු. මෙතන ගත්ත තීරණ ක්‍රියාත්මක වුණාද නැද්ද කියලා දැනගන්න ඕන"

    ආහාර සුරක්ෂිතතා වැඩසටහනට රජය ප්‍රමුඛත්වය ලබාදුන් බවත් එම වැඩසටහන ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    "ඒක කොළඹට විතරක් සීමා කරන්න බැහැ. ආහාර සුරක්ෂිතතාව අපගේ බරපතලම අභියෝගයකි. වැඩිම ජනගහනයක් සිටින නගරය ලෙස අපි කොළඹ ඒ සඳහා සූදානම් කළ යුතුයි. එය, වසරේ ප්‍රමුඛතම කාර්යය සහ නිලධාරීන්ගේ ප්‍රමුඛ රාජකාරියයි," ඔහු පැවසීය.

    දිනකට ලක්ෂ 20 ක ජනතාවක් කොළඹට පැමිණෙන බව පැවසූ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, අවධාරණය කළේ, ආයතන මට්ටමින් ඔවුන්ට ප්‍රශ්න ඇසීමට ඉඩ නොදී හොඳ සම්බන්ධීකරණයක් යටතේ, එක්ව කටයුතු කළ යුතු බවය.

    “ආහාර සුරක්‍ෂිතතාව යටතේ රජයට අයත් ඉඩම වසර දෙකක කාලයකට බදු දිය හැකියි.දැන් ඒකට ප්‍රජාව සූදානම්. අවශ්‍ය වන්නේ නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවයයි. මෙම වැඩසටහනට දේශපාලන, කුල, ආගම් භේදයක් නැත. මුළු ලෝකයම මුහුණ දීමට නියමිත දැවැන්ත ආහාර අර්බුදයට මුහුණ දීමට අපි සූදානම් වෙමු. ලොව පුරා යුද්ධ, ඉන්ධන මිල ඉහළ යාම සහ රක්ෂණ වියදම් ඉහළ ගොස් තිබේ. රටක් විදියට අපිත් ඒකට මුහුණ දෙන්න ඕන. ඒ සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කර විදේශ විනිමය උපයා ගත යුතුයි.’

    75 වැනි නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වැනිදාට යෙදෙන මේ මොහොතේ සංචාරකයන් ආකර්ශනය කර ගන්නා වැඩසටහන් සැලසුම් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කොළඹ, ජාතික නිදහස් සටනේ ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ අතර, මෙම නගරයේද දැවැන්ත අරගලයක් සිදු වූ බවද ඔහු සිහිපත් කළේය.

    නිදහස සැමරීම වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඇති කරන ලෙස ඔහු ජනතාවට ආරාධනා කළේය.

    "සංස්කෘතිය යටපත් කරන්න දෙන්න බැහැ. එහෙම වුණොත් ඊට එරෙහිව නැගී සිටිය යුතුයි යැයිද මන්ත්‍රීවරයා කීය.

    “මේ වැඩවලට සල්ලි ඕන නෑ.. කොළඹ. නගරයේ ඓතිහාසික වැදගත්කම ඉස්මතු කරන්න, අපි එකතුවෙලා ඉතිහාස කතාව අවදි කරන්න වැඩපිළිවෙළක් දියත් කරමු. කොළඹ යුගයේ කවියෝ ගැන කතා කරමු. දිනූ නිදහස හුවා දැක්වීමට සහ එය ආරක්ෂා කිරීමට කැප වූ පිරිසක් කොළඹ සිටිනවා. උදාහරණයක් ලෙස ජනසතු කරන විට කොළඹ වරායට හිමිව තිබුණේ 126 වැනි ස්ථානයයි. අද වන විට එය හොඳම වරායන් අතර 24 වැනි ස්ථානයට පැමිණ ඇත. මේවා රටේ සහ කොළඹ නගරයේ ජනතාවගේ දහඩිය මහන්සිය. ඉතින් අපිට ඉතිහාසයේ නොලියපු පරිච්ඡේදයක් වගේම අලුත් පරිච්ඡේදයක් ලියන්නත් තියෙනවා. අපි එකට වැඩ කිරීමට පොළොවට බසිමු. ”

    මෙම අවස්ථාවට කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක බස්නායක, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන, නාගරික මන්ත්‍රීවරු, නිලධාරීහු සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ සහභාගි වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya