මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කොළඹ දී විවෘත කෙරේ

    ජනවාරි 08, 2023

    2023 වසරේදී මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ඩොලර් බිලියන 01 ක අපනයන ආදායම් ඉලක්කයක් කරා ගෙනයාමටත් ,ඒ සදහා කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සියලු තාක්‍ෂණ භාවිතාවන් මෙන්ම අගය එකතු කිරීමේ ක්‍රමවේදයන් වඩා ඵලදායි හා කාර්යක්ෂම කිරීමටත් , ඊට අවශ්‍ය පහසුකම් රජය පාර්ශ්වයෙන් සැපයීමටත් , කර්මාන්ත අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් වන බව කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි .

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, FlACETS Sri Lanka Premier Edition මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට (07) උදෑසන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හොටල් පරිශ්‍රයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

    ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මේ සදහා දායක වේ.මෙවර පැවැත්වෙන්නේ තිස්වෙනි වතාවටය.

    ගෝලීය කෝවිඩ් වසංගත තත්වයෙන් හා ඊට පසු රටේ ඇතිවූ දුෂ්කර කාලවකවානුවේදීත් කර්මාන්තයක් ලෙස මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආරක්ෂා කරගත් සැමට ස්තුති කළයුතු අතර ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමට මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහා අපේ රට නැවතත් සූදානම් හා විවෘත බවට ලෝකයා වෙත කියාපෑමට වසර තුනක නිහැඩියාවකින් පසු මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම පිළිබඳවත්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA)ට ස්තුතිවන්ත වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

    මෙම FACETS Sri Lanka Premier Edition ප්‍රදර්ශනයට මූලිකව රටවල් 20ක ගැනුම් කරුවන් 100 කට අධික ප්‍රමාණයක් සහභාගිවීම නියමිත අතර එයට අමතරව දෙස් විදෙස් තවත් ගැනුම් කරුවන් විශාල ප්‍රමාණයක් සහභාගි වීමද සිදුවෙයි.
    වසර 2500 ක් පුරා පැතිරී ගිය අපගේ මැණික් කර්මාන්ත ඉතිහාසය තුළ ලෝකය තුළ නිල් මැණික් ප්‍රමුඛ අනෙකුත් මැණික් වෙනුවෙන් අත්කොට ගෙන ඇති කීර්තිය සමඟින් හොද අපනයන වෙළෙඳ වේදිකාවක් මෙම ප්‍රදර්ශනය හරහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්ට නිර්මාණය වෙයි.

    ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක , හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි , හිටපු අමාත්‍ය පා.මන්ත්‍රී වජිර අබේවර්ධන , විදෙස් තානාපතිවරුන් , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරුන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති , අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ඇතුළු රාජ්‍ය නිළධාරින් , SLGJA හි සභාපති අජ්වර්ඩ් ඩීන්, FACETS Sri Lanka හි සභාපති අල්තාෆ් ඉක්බාල් ඇතුළු දෙස්විදෙස් සම්භාවනීයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya