මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ සීනි රජයේ භාරයට

    ජනවාරි 08, 2023

    නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ සීනි මෙටික්‌ ටොන් 1,200ක් රාජසන්තක කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ක්‍රියා කරයි.

    අදාළ සීනි තොගය නිරීක්ෂණය කිරීම සඳහා (06) පස්වරුවේ ගිය අවස්ථාවේදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දුන්නේය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ, උග්‍ර ඩොලර් හිගයකට රට මුහුණ දී ඇති මේ අවස්ථාවේ දී සියලු‌ දෙනා නීතිගරුක ව කටයුතු කළ යුතු බවයි.

    අදාළ ව්‍යාපාරිකයා සුදු ලෙස ආනයනය කළ බහාලුම් තුළ 50%කට වැඩි ප්‍රමාණයක් දුඹුරු සීනි ඇති බව රේගු නිලධාරීන් අනාවරණ කරගෙන ඇත. අදාළ ව්‍යාපාරිකයා මෙම ආනයනය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් දුඹුරු සීනි දේශීයව නිෂ්පාදනය වන බැවින් ඒවා ආනයනය සීමා කර ඇති අවස්ථාවකය. දැනට මෙම සීනි තොගය පෑලියගොඩ ප්‍රදේශයේ රේගු භාරයට පත් කරගෙන ඇති පෞද්ගලික ගුදමක පොලිස් ආරක්ෂාව යටතේ ගබඩා කර ඇත.

    “ඇත්තටම අපි ඉන්නෙ ඩොලරයක් පවා රැකගත යුතු තත්ත්වයක. ඒ තරම් බරපතල විදේශ විනිමය ගැටලුවක් අපි ඉන්නෙ. එවැනි තත්ත්වයක් යටතේ ව්‍යාපාරිකයන්ගේ වගේම සාමාන්‍ය ජනතාවගේ වගකීම ඒ් වෙනුවෙන් රජය පනවපු නීති රීති අනුව කටයුතු කිරීම. මේ වැටලීම සිදු කරල තියෙන්නේ රේගුවේ නිලධාරියකු වෙළෙඳපොළේ දුඹුරු සීනි මිල දී ගත් අවස්ථාවේ දී ඒවායේ ස්වභාවය පිළිබඳ ඇති වූ සැකය මතයි. ඉතින් සාමාන්‍ය ජනතාවටත් හැකියාව තියෙනවා කිසියම් ස්ථානයක මෙවැනි නීති විරෝධී සිදුවීමක් තියෙනව නම් ඒ් පිළිබඳ රේගුවේ මධ්‍යම බුද්ධි අංශය වෙත දැනුම් දෙන්න. 0112 – 471471 අංකය පැය 24 පුරාම ඒ් වෙනුවෙන් විවෘතයි. ඒ වගේ ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද 0112- 347881 අංකයෙන් මේ පිළිබඳ දැනුම් දීමේ හැකියාව තියෙනවා. මේ තොරතුරු ලබා දෙන පාර්ශ්ව ආරක්ෂා කිරීම වගේ ම ඔවුන්ට සුවිශේෂී ත්‍යාග පිරිනැමීමට රේගුව කටයුතු කරන බවත් මෙහි දී සඳහන් කළ යුතුයි” අමාත්‍යවරයා පැවැසීය.

    අදාළ ආනයනකරු විසින් ගෙන්වන ලද බහාලුම් 45ක් මෙහි දී පරීක්ෂාවට ලක් කිරීමට නියමිත අතර ඉන් 30ක් අදාළ ගුදමේ දී විවෘත කිරීමෙන් පසු මෙම දුඹුරු සීනි තොගය සොයා ගැණින.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya