මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල බඳවා ගැනීම්,උසස් කිරීම් හා මාරු කිරීම් යන කරුණු සීමාකළ යුතුයි- මැතිවරණ කොමිෂන් සභාව

    ජනවාරි 08, 2023

    ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල රජයේ නිලධාරීන්, සේවකයින්, බඳවා ගැනීම් , උසස් කිරීම් හා මාරු කිරීම් යන කරුණු සීමාකළ යුතු බව ද අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලු නිලධාරීන්ට මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

    මේ අතර ජනවාරි 04දායින් ආරම්භ වු ඡන්ද විමසීමේ කාලසීමාව තුළ දේශපාලන පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට හේතුවන නැතහොත් වෙනත් පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් නිවේදනය කරයි.

    එම විධිවිධාන කඩකිරීම වසර තුනක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් එසේත් නැතිනම් මෙම දඬුවම් දෙකම ලැබිය හැකි වරදක් බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya