මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

    ජනවාරි 07, 2023

    ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර නිල හමුවක් ( ජනවාරි 05) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

     

    මෙම නිල හමුවේදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර සුහද පිළිසඳරක් පැවති අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ඉයන් කේන් මහතා (Captain Ian Cain) ද සහභාගී විය.

    තවද, මෙම නිළ හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya