මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ වසරේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 4 ක අපනයන ආදයමක් වෙනුවෙන් වැඩකිරීම අපේ ඉලක්කයයි - වැවිලි කර්මාන්ත ඇමති

    ජනවාරි 07, 2023

    වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් 2019 වසරේ ඩොලර් බිලියන 3.1 ක් වූ අපනයන ආදායම 2021 වසරේදී ඩොලර් බිලියන 3.8 ක උපරිමය දක්වා ගිය බවත් 2022 වසරේ ඊට වඩා අඩුවූ බවත් 2023 වසරේ එය ඩොලර් බිලියන 4 ක් දක්වාත් 2025 වර්ෂය වනවිට ඩොලර් බිලියන 5 ක් දක්වා රැගෙන යාම වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ඉලක්කය බවත් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සේවක මණ්ඩලය 2023 වසර සදහා රාජ්‍ය සේවක ප්‍රඥාව ලබාදෙමින් , වසරේ ප්‍රථම රාජකාරි ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

    එම අවස්ථාවට වැවිලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති , අතිරේක ලේකම්වරු , ආයතන ප්‍රධානීන් ඇතුළු සමස්ථ සේවක මණ්ඩලය එක්වූහ.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා 2022 වර්ෂයේ මෙරට උද්ගත වූ පොහොර අර්බුදය ඇතුළු අනෙකුත් ආර්ථික දුෂ්කරතාවයනුත් , රුසියානු යුක්‍රේන යුද්ධය මුල්කොට ගත් ගෝලීය ආර්ථික අවගමනයත් මෙරට වැවිලි ක්ෂේත්‍රයේ අපනයන ආදයම අඩුකරලීමට මුල්වූ ආකාරය පෙන්වා දුන්නේය. එමෙන්ම 2022 වර්ෂය තුළ ඩොලර් බිලියන 7.7 ක් වූ ලෝක තේ වෙළදාමේ ආදයම ඊට පෙර වර්ෂයයන්ට වඩා එතරම් ප්‍රවර්ධනයක් නොපෙන්වා ඇති බවත් කෝපි මුල්කොට ගත් සමස්ථ ආදායම ඩොලර් බිලියන 35 සිට 42 දක්වා වර්ධනයක් ඇතිව ඇති බවත් පෙන්වා දුන්නේය.

    එමගින් අමාත්‍යවරයා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇතැම් නිෂ්පාදනයන් වෙනුවෙන් සංකෝචනය වන ලෝක වෙළෙඳපොළ තුළ අපේ නිෂ්පාදන අගය එකතුකිරීමේ ක්‍රියාදාමයන් සහිතව ඉදිරියට ගෙන යායුතුයි යන අභියෝගයත් පෙන්වා දුන්නේය. කුරුදු , පොල් , රබර් වැනි වැවිලි භෝගයන් වෙනුවෙන් ලෝක වෙළෙඳපොලේ ඇති ඉහළ විභවතාවයත් පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය දුෂ්කර කාලය තුළ අභියෝග රැසක් මැද වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉටුකළ මෙහෙයට අමාත්‍යංශයේ සියළු සේවක මණ්ඩලයට ස්තුතිය පළ කිරීමද  සිදු කළේ ය.


    මෙම අවස්ථාව අමතමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේ රටට ප්‍රමුඛ විදේශ විනිමය උපයාදෙන ක්ෂේත්‍රයක් වන වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ වසර තුළත් සැමදෙනා එක්ව රට ගැන හිතා කටයුතු කළයුතු බවයි.
    මෙහිදී අමාත්‍යංශ ලේකම් ජානක ධර්ම කීර්ති මහතාද ගෙවුණු වසරේ මුහුණ දුන් අභියෝග මෙන්ම ඉදිරි කාලයේ සැලසුම් ක්‍රියාත්මක කලයුතු ආකාරය පිළිබඳව උත්සව සභාවට පැහැදිලි කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya