මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ආපනශාලාවල සහල් පිටි භාවිතයෙන් සකසන ලද ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩ පිළිවෙළක්

    ජනවාරි 07, 2023

    පාසල් ආපනශාලාවල පැනිබීම හා පාන් පිටි පරිභෝජනය තහනම් කර සහල් පිටි භාවිතයෙන් සකසන ලද ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩ පිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කෙරේ.

    මෙරට දැනට බහුලව සිදු කෙරෙන පාන් පිටි භාවිතය වෙනුවට සහල් පිටි භාවිතය සුලභ කිරීමට පියවර ගන්නා ලෙස මව්බිම ලංකා පදනම ඊයේ (04) කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළේය.

    මව්බිම ලංකා පදනමේ නියෝජිතයින් වන ආරියශීල වික්‍රමනායක, වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර හා සුමිත් වන්නි ආරච්චි යන මහත්වරු ඇතුලු පිරිසක් ඊයේ අමාත්‍යවරයා සමග කරුණු කිහිපයක්මේ සම්බන්ධව සාකච්ඡා කර ඇත.

    2021 මහ කන්නයේ දී මෙරට සහල් නිෂ්පාදනය පහත වැටිම නිසා රටේ ජනතාව තුළ සහල් පිටි පරිභෝජනය අවම වී ඇති බවත්, නමුත් මෙවර මහ කන්නයේ දී නිත්‍ය වශයෙන්ම විශාල වී අස්වැන්නක් ලබා ගත හැකි බැවින් සහල් පිටි පරිභෝජනය සඳහා මහජනතාව නැවතත් යොමු කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බවත් ඔවුන් අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.

    විශේෂයෙන් පාසල්වල ඇති ආපනශාලාවල පාන් පිටි වෙනුවට සහල් පිටි යොදා සකස් කළ ආහාර සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමටත්, ඊට සමගාමීව එම වැඩපිළිවෙල රජයේ කාර්යාලවල ඇති ආපන ශාලා දක්වා ද පුළුල් කිරීමටත් මෙහිදී සාකච්ඡා කර ඇත.
    මේ සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම වැනි අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කරනු ලැබීය. විශේෂයෙන් පාසල් ආපනශාලාවල පැනිබීම හා පාන් පිටි නිෂ්පාදන තහනම් කර ඒ වෙනුවට ස්වාභාවික පලතුරු බීම හා සහල් පිටිවලින් සැකසූ ආහාර අලෙවි කිරීම සුලභ කිරීම සම්බන්ධව මෙහිදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කළේය.

    මේ සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම තීරණය ගැනීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙරට ප්‍රධාන ආහාර පාලකවරයා වශයෙන් කටයුතු කරන නිසා ඔහුගේ අදහස් ද විමසිය යුතු බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි කටයුතු කිරීම සඳහා අදාල අමාත්‍යාංශවල හා මව්බිම ලංකා පදනමේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද තීරණය කළේය.

    මෙවර මහ කන්නයෙන් පසු 2023 වසරේ දී නැවත මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත්, රටට අවශ්‍ය තරම් සහල් රට තුළ දැනටමත් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    2021 වසරේ මහ කන්නය අසාර්ථකවීම නිසා 2022 වසර අවසන් වනවිට ඩොලර් මිලියන 400ක වියදමින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් මෙරටට ආනයනය කරනු ලැබ තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya