මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු උපදේශකවරු 1866 ක් සේවයට - ගුරුවරුන්ගේ තොරතුරු එකම දත්ත පද්ධතියකට

    ජනවාරි 05, 2023

     එළඹෙන මාර්තු මස 09 වන විට ගුරු උපදේශකවරු 1866 ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    දිවයිනේ, පළාත් නවයේම ගුරුවරුන්ගේ තොරතුරු එකම දත්ත පද්ධතියකට ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව , එළඹෙන මාර්තු 31 වන දිවයිනපුරා සියළුම ගුරුවරු සහ සිසුන් එකම ඩේටා බේස් එකක් යටතට ගැනීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

    මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ අනුමත ගුරු උපදේශක නිළධරයන් සංඛ්‍යාව 4,471 ක් වුව ද, මේ වනවිට සේවයේ නිරත වන්නේ 3,000 කටත් වඩා අඩු නිළධරයන් ප්‍රමාණයක් බවට තොරතුරු වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    දිවයිනේ පළාත් 9ටම අයත් අධ්‍යාපන කාර්යාල ඩිජිටල්කරණය කිරීමෙන්, පළාත් දෙකක් තුළ ගුරු මාරුවීම් ඇතුළු සියළු කටයුතු පහසු වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.එවිට ගුරුවරුන්ට කළාප කාර්යාල වලට නොගොස් ඔන්ලයින් ක්‍රමය හරහා තම කටයුතු ඉටු කර ගත හැකි වනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya