මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික සංහිඳියාවක් ගොඩ නැගී ඇති මොහොතක රටේ තිබෙන සහජීවනය විනාශ කිරීමට ඇතැම් ආගමික කල්ලි උත්සාහ කරනවා

    ජනවාරි 05, 2023

    රටේ ඇති වූ ආර්ථික පසුබෑම මුල්කර ගෙන ඇතැම් ආගමික සංවිධාන , රට තුළ ආගමික ආරාජිකත්වයක් ඇති කිරීමට උත්සාහ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    නිර්ආගමික යැයි කියා ගන්නා ඇතැම් සංවිධාන රට තුළ ආගමික සංහිඳියාවට දැවැන්ත පහරක් එල්ල කරමින් සිටින බවත් , බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු දළදා මාළිගාවට අගෞරව කරමින්, වාග් ප්‍රහාර එල්ල කරමින් ජනතාව කුපිත කරමින් සිටින බවද හෙතෙම පැවසීය. මෙය ඉතාම වැරදි ක්‍රියාවක් බවත් ආගමික නායකයින් ඇතුළු පිරිස දැඩි ලෙස හෙළා දකින බවත් , මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

    මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, මිත්‍යා දෘෂ්ඨික ලෙස කටයුතු කරමින්, බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ලෙස කටයුතු කරමින් මේ රටේ ආගමික ගැටුමක් ඇති කිරීමට උත්සාහ දරණ මෙම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, රටේ මුදුන් මල්කඩ බඳු වූ දළදා වහන්සේට අපහාස කිරීමට කිසිවෙකුටත් නොහැකි බවයි.

    ජාති ආගම් භේදයකින් තොරව ජනතාව තුළ විශාල ආගමික සංහිඳියාවක් ගොඩ නැගී ඇති මොහොතක රටේ තිබෙන සහජීවනය විනාශ කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් මෙම ආගමික කල්ලිය උත්සාහ කරන බවද හෙතෙම පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya