මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළදා වහන්සේට අපහාස කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා

    ජනවාරි 05, 2023

    දළදා වහන්සේට අපහාස කිරීමේ සිදුවීම හා සම්බන්ධ සියළු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    රට නැවත යථා තත්වයට පත් කිරීමට අකමැති දූෂිත පිරිස් සමාජය කෙරෙහි වෛරයෙන් මෙවැනි කටයුතු සිදුකරගෙන යන බවද හෙතෙම පැවසීය. මෙවැනි පුද්ගලයන් සමාජය ගිනි තියන්න හදනවා නම් ඊට විරුද්ධව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

    ආගමික විශ්වාසවලට හානිවන ආකාරයට කටයුතු කිරීම වසර දහයක් වුවත් සිරගත කළ හැකි වරදක් බව ද අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ යම් ආගමික විශ්වාසයකට යම් තැනැත්තෙක් අපහාස කරනවා නම් ඒ ලබ්දිය විශ්වාස කරන අයගේ හද පෑරෙන ලෙස කටයුතු කරනවා නම්, දන්ඩනීති සංග්‍රහයේ එය වරදක් ලෙස සඳහන් වෙන බවද විජේදාස රාජපක්ෂ මහතා කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු අධිකරණ අමාත්‍යරයා පෙන්වා දුන්නේ,

    මෙම සිදුවීම නැවත රට ලේ විලකට ගෙනියන්න පුළුවන් කාරණයක්. පාකිස්ථානයේ ශ්‍රී ලාංකිකයෙක් මැරුවා ඔහුට එරෙහිව තිබූ චෝදනාවක් වුණේ ආගම විවේචනය කළාය කියන එක. නමුත් ඉම්රාන් ඛාන් අගමැතිවරයා හරියට නීතිය ක්‍රියාත්මක කළා. එක මිනිහෙකුට දෙන්නෙකුට පුළුවන් රටක් ගිනි තියන්න. ආගමික මතවාද කියන ඒවා එතරම් සංවේදියි. වගකීමෙන් තොර මෙම මිනිස්සු මෙම සමාජය නැවතත් ගිනි තියන්න උත්සාහ කරනවා නම් අපි ඒ වෙනුවෙන් උපරිම දඩුවම් දීම සඳහා නීතිය ක්‍රියාත්මක කරනවා. අපි පිළිගත යුතුයි, අද සමාජය ජාති ආගම් බේදයකින් තොරව ඉදිරියට ඇවිත් තිබෙනවා. මේ රටේ අති බහුතර ජනතාව රට ඉදිරියට ගෙන යා යුතුයි යන මතයේ සිටිනවා. ඒ වගේම සංහිඳියා ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙනියනවා. උතුරේ පීඩනයට පත් වෙලා සිටි ද්‍රවිඩ ජනතාව සමග පවා එක් වෙලා සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනියනවා.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya