මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට නව වැඩපිළිවෙලක් - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

    ජනවාරි 05, 2023

    අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට නව වැඩපිළිවෙලක් - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

    අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට නව වැඩපිළිවෙලක් සකස් කිරීම රජයේ වගකීමක් බැවින් ඉදිරි දින කිහිපය තුළ එය ඉෂ්ඨ කිරීම සඳහා පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේය.

    ඔහු මේ බව සඳහන් කළේ, අද (05) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    රාජ්‍ය සේවයේ 30,000කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යාම තුළ යම් යම්සේවා වල අඩුපාඩු සිදුවී ඇතැයිද, පසුගිය සතියේ ඒ සම්බන්ධයෙන් අගමැතිතුමා සමග පැවති සාකච්ඡාවේ දී දුම්රිය දෙපාර්තමේන්තුව වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා විශ්‍රාම ගිය සේවකයින් නැවත වරක් තාවකාලිකව කොන්ත්‍රාත් පදනමින් හෝ බඳවා ගන්නා ලෙස ජනාධිපති ලේකම්තුමා ද දැනුම්දුන් බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කියා සිටියේය.

    එසේ නැතහොත් එම සේවකයින් ප්‍රමාණය ගණනය කර නැවත ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට හෝ සුදුසු ලෙස කටකටයුතු කිරීමට රජය පියවර ගන්නා බවද ඔහු සිහිපත් කළේය. දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ කටයුතු සිදුකිරීමට මේ වන විටත් ජනාධිපති ලේකම්තුමා උපදෙස් ලබාදී ඇතැයි ද අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන වලද පුහුණුලාභීන් අවශ්‍ය බැවින් සහ අත්‍යවශ්‍ය සේවා සැපයීමට එම ආයතන වල කාර්යය මණ්ඩලය නැතිනම් ඒ සඳහාද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නව වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya