මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පන්ති කාමරය තුළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නම් හොඳම ගුරුවරයකු ලබාදිය යුතුයි- අධ්‍යාපන අමාත්‍ය

    ජනවාරි 05, 2023

    පන්ති කාමරය තුළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහා ,පන්ති කාමරයට යැවිය යුත්තේ හොඳම ගුරුවරයෙකු බවත් ලක්ෂ 42ක දරුවන්ගේ අනාගතය රැඳී ඇත්තේ ඒ මත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    දැනට රාජ්‍ය සේවයේ සිටින සංවර්ධන නිලධාරී උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ වයස අවුරුදු 45 දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ,

    ගුරු සේවා ව්‍යවස්ථාවේ තිබෙන්නේ අවුරුදු 35ට අඩු අය බඳවා ගැනීමටයි. එහෙම කියන්නේ ඇයි? එහෙම වෙන්නේ , තරුණ වයස , පැහැදිළි කරන්න පුළුවන්, එවැනි ගුරුවරයෙක් තමයි පන්ති කාමරයට යවන්න ඕන. විද්‍යා පීඨ ගුරුවරු තමයි හොඳම ගුරුවරු උසස්පෙළ් විභාගයේ අවුරුදු 19 න් ඉවරවෙලා අවුරුදු 23 වෙද්දි ඩිප්ලෝමා අරන් පන්ති කාමරයට යනවා ගුරුවරයෙක් විදියට. ඕනෑම තැනක සේවය කරන්න කැමතියි. අද ඇයි දරුවෝ උපකාරක පන්ති යන්නේ. පන්ති කාමරය තුළ ගුණාත්මක අධ්‍යාපනය නොලැබෙන නිසා. එහෙනම් අවුරුදු 55 වෙනකල් බඳවා ගැනීම කරන්න පුළුවන් යැයි ද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya