මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනයක්

    ජනවාරි 04, 2023

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් සඳහා ලැබෙන පොලිය රුපියල් ලක්ෂයට වඩා අඩු එම ගිණුම් සඳහා 5% රඳවාගැනීමේ බද්ද ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ජනවාරි 04දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

     

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම රඳවා ගැනීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.

    ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන සහනයක් ලෙස මාසික බැංකු පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්දක් තබා නොගැනීමට මෙහිදී තීරණය කර තිබේ. එහෙත් බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් බදු සීමාවට යටත් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya