මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතිමත්භාවය අවධි කරන සතිපාසල වැඩසටහන ඇරඹේ

    ජනවාරි 04, 2023

    සතිමත්භාවය අවධි කරන සතිපාසල වැඩසටහන ඇරඹේ

    මුදු කුසලතා දරුවන්ගේ මනස් තුළ වගා කරමින් සංවේදීබවින් හා සහකම්පනයෙන් ඔවුන් දුරස් නොවන පරිදි නිර්මාණශීලී නවෝත්පාදන හැකියා ප්‍රවර්ධනය කර තාර්කික චින්තනය ඔස්සේ සමාජීය අභියෝග ජයගත හැකි විනයගරුක සජීවී පුරවැසියන් බිහි කිරීමේ අධ්‍යාපන අභිමතාර්ථයන් පිළිබඳ මෙවක කෙරෙන සිහි කැඳවීමක් වශයෙන් පාසල් දරුවන්ට සතිමත්බව හඳුන්වා දීමේ ‘සති පාසල‘ වැඩසටහන හැඳින්විය හැකි යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (04) දින කොළඹ ආනන්ද විද්‍යාලයේ දී ආරම්භ වූ ‘සති පාසල‘ නියමු වැඩසටහනට සහභාගි වෙමින් පැවසී ය.

    එම වැඩසටහන සංවිධානය කර තිබුණේ සතිපාසල් පදනම හා අධ්‍යාපන අමාත්‍යාංශය එකාබද්ධ ව ය.

    පසුගිය කාලයේ පැවති විවිධ ව්‍යසන හමුවේ ඉගෙනීමේ කටයුතුවලින් 50%ක් පමණ අඩාළ වී බොහෝ විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් අකර්මන්‍ය ව සිසු-ගුරු-දෙගුරු සියලු දෙනා සහිත සමස්ත සමාජය ම දැඩි පීඩාකාරී තත්වයකට මුහුණ පා සිටින අවස්ථාවක එම තත්වය යථා තත්වයට පත් කරගැනීමට දුෂ්කරතා මධ්‍යයේ දැඩි ආයාසයක් දරමින් සිටින බවත් මේ වන විට අප පසු කර ලොව බොහෝ රටවල් අධ්‍යාපනයේ පරිවර්තනීය යුගයකට පිවිස සිටින අතර අප ඒ සඳහා තව මත් අවතීර්ණ වෙමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා දැනුම, ආකල්ප හා කුසලතා මත පදනම් වූ අධ්‍යාපන පරිවර්තනය සඳහා පෙළගැසෙද්දී දැනුමින් අප සන්නද්ධ වුවත් කුසලතා හා ආකල්ප පිළිබඳ සමාජය තුළ පවතින ප්‍රශ්නාර්ථයට පිළිතුරු සෙවිය යුතු ව පවතින බැවින් 2023 වර්ෂය තීරණාත්මක වසරක් වනු ඇති බවත් මෙහි දී සඳහන් කළේ ය.

    අභියෝග ජයගැනීම සඳහා තාක්ෂණයත් සමග වේගයෙන් ඉදිරියට යා යුතු ව තිබෙන වාතාවරණයක, එළඹ සිටි සිහිය හෙවත් සිහි නුවණින් වැඩ කිරීම එක් ආගමික කොට්ඨාසයකට නොව පොදුවේ සියලු මනුෂ්‍ය ප්‍රජාවට ම එක ලෙසින් වැදගත් වන බවත් විද්‍යාත්මක ව පවා විග්‍රහ කළ හැකි සතිමත් භාවය වර්ධනය කිරීමේ වැඩසටහන සතියක් දෙකක් සිදු කර ඉන් නොනවත්වා අඛණ්ඩ ව ම ප්‍රවර්ධනය කළ යුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා මාර්තු 27 දින සිට ඇරඹෙන ප්‍රථම පාසල් වාරයේ සෑම සතියක ම බදාදා දින වශයෙන් සති 12ක නියමු ව්‍යාපෘතියක් පළමු අදියරේ දී දිවයිනේ පාසල් 10,155 ම ආවර්ණය වන පරිදි දරුවන් උදෙසා ක්‍රියාත්මක කරන බව ද පැවසී ය. ඉන් පසු ව දින ගණන වැඩි කර සඳුදා, බදාදා හා සිකුරාදා යන දින තුනක් තුළ සතිපතා මෙම සතිපාසල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැය වන්නේ සතියක කාලච්ඡේදවලින් එක කාලච්ඡේදයකට එක විනාඩියක් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා මතු වන අභියෝග ජය ගනිමින් මෙම වැඩසටහන අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් පැවසී ය.

    පන්ති කාමරය තුළ මනා ගුරු-සිසු අන්තර් සම්බන්ධතාවක් සහිත ව දැනුම සොයා ගොස් ලබාගෙන අන් අයටත් ලබා දෙන මට්ටමට අධ්‍යාපන ක්ෂේත්‍රය පත් විය යුතු බවත් පාසල් දරුවන් ලක්ෂ 42 මගින් ලක්ෂ 60ක් පමණ වන වැඩිහිටියන් වෙත ද සතිමත්බවේ පණිවිඩය යවමින් එය සමාජගත කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

    අධ්‍යාපන අමාත්‍යාංශය හා සතිපාසල් පදනම එකාබද්ධ ව සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ගරුතර සංඝරත්නය මෙන් ම අන්‍යාගමික පූජකවරුන් සහ අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වී සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya