මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- නාමයෝජනා භාරගැනීම ජනවාරි 18දා සිට

    ජනවාරි 04, 2023

     පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- නාමයෝජනා භාරගැනීම ජනවාරි 18දා සිට

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම 2023 ජනවාරි 04දා සිට ජනවාරි 20 දා දහවල් 12වන තෙක් සිදුකරන බවත්, එම මැතිවරණයට නාමයෝජනා භාරගැනීම ජනවාරි 18දා සිට ජනවාරි 21දා දහවල් 12 වනතෙක් සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව දන්වයි.


    පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් එම ආයතනය මේ සම්බන්ධයෙන් දන්වා ඇත.


    එම මාධ්‍ය නිවේදනවලින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇප තැන්පත් භාරගැනීම රජයේ නිවාඩු දින සහ පොහොය දිනවල දී සිදු නොවන බවයි.


    එමෙන්ම පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශකිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ගේ අයදුම්පත් භාර ගැනීමට අදාළ දිනද චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශයට කර ඇත.


    ඒ අනුව ජනවාරි 05 වනදා සිට ජනවාරි 23 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා තැපැල් ඡන්ද ප්‍රකාශකිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ගේ අයදුම්පත් භාර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya