මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණයකට වඩා වැදගත් වන්නේ ගොවියාගේ වී මිලදී ගැනීමයි - කෘෂි ඇමති

    ජනවාරි 04, 2023

    ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු ඇති මේ මොහොතේ වඩා වැදගත් වන්නේ මැතිවරණ පැවැත්වීමට වඩා වී ගොවියාගේ වී මිලදී ගැනීම බවත්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීම් කරන බවත්, කෘෂිකර්ම සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    රජයේ නිල වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ වී මිලදී ගැනීම් කටයුතු සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු වශයෙනි.

     එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙවර මහ කන්නයේ හෙක්ටයාර් ලකෂ අටක පමණ වී වගා කර තිබෙන බවත්,මාස් කන්නයේ වී මිලදී ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර ඇති බවත්, එම අස්වැන්න මෙම මාසයේදීම ලැබෙන බවත්ය.

    එහෙත් මේ වන විට මුදල් සොයාගැනීම ප්‍රබල ගැටලුවක්ව ඇති බවත්, ගියවරත් ඒ ආකාරයෙන්ම මුදල් ගැටලුව මතුවූ නමුත් මෙවර ගොවිජනතාවට ගැටලුවක් ඇති නොවන පරිදි වී මිලදී ගැනීම සිදුකරන ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදී ඇති බවත්, අමරවීර මහතා පැවසීය.

    කෙසේ වුවද වී මිලදී ගැනීමේ කාර්යය පවතින අවස්ථාවේදී ඊට වඩා ප්‍රමුඛ කාර්යයක් ලෙස මැතිවරණය පැවැත්වීමට විපක්ෂය උත්සාහ කරන බවත්, රුපියල් බිලියන දහයකට වඩා ප්‍රමාණයක් ඒ සඳහා වෙන්කිරීමට සිදුව ඇති බවත්, අපේක්ෂකයින් වියදම් කරන ප්‍රමාණයත් සමඟ බිලියන තිහක් ඉක්මවා වියදම් විය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
    මෙම මැතිවරණය සඳහා වැයකරන මුදල තමන්ට ලබාදුනහොත් එය ගොවීන්ගේ වී මිලදී ගැනීම සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වෙන් කිරීමට තමන්ට හැකි බවත්, ජනතාව වෙනුවෙන් සිතාබලා කටයුතු කරන මෙන් තමන් සමස්ත කැබිනට් මණ්ඩලයෙන්ම ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    ආණ්ඩුව මැතිවරණ කල් තැබීමට හා නොපැවැත්වීමට උත්සාහ කරන්නේ යැයි විපක්ෂය චෝදනා කරන බවත්, තමන්ට මැතිවරණ කල් තැබීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පවසන අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ මෙම පළාත් පාලන මැතිවරණය ආණ්ඩු බලය වෙනස්කරන සාධකයක් නොවන බවත්, එය හුදෙක් ප්‍රාදේශීය දේශපාලන ඒකකවලට නියෝජිතයන් පත් කරන මැතිවරණයක් පමණක් බවත්ය.

    එපමණක් නොව අට දහසකට අධික නියෝජිතයන් පත්කිරිම රටේ මුදල් නාස්තිවීමට තවත් හේතුවක් වනු ඇති බවත් මෙම මැතිවරණය මුදල් නොමැති මේ මොහොතේ තැබීම ජනතා මුදල් නිකරුනේ වැයවනු ඇති බවත්ය.

    මෙම මැතිවරණය ආණ්ඩු බලය වෙනස් කරන මැතිවරණයක් වුයේ නම් තමන් කිසිදු ආකාරයකින් මෙසේ ප්‍රකාශ නොකරන බවත්, ආණ්ඩුව වශයෙන් තමන්ද මැතිවරණයට ඉදිරිපත්ව බලය ලබාගන්නා බවත්ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya