මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට එන විදේශීය සංචාරකයින්ට ජනවාරි මාස සිට ඩොලර් ගෙවා ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම්

    ජනවාරි 04, 2023

    යාල ජාතික වනෝද්‍යානය ඇතුලු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී ලබා දී ඇත.

    ඒ අනුව මෙම වැඩපිළිවෙල ජනවාරි මාසය තුළ ආරම්භ කරන බවත්, පළමුව යාල ජාතික වනෝද්‍යානයෙන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

    මේ අතර දෙස් විදෙස් සංචාරකයින් මෙම දිනවල යාල වනෝද්‍යානය නැරඹීමට බහුල වශයෙන් පැමිණෙන බැවින් සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් වැඩි කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    අලුතින් ඉදි කරන ලද සංචාරක බංගලා දෙකක වැඩ කටයුතු මේ වනවිට අවසන්ව ඇති බැවින් ඒවා සංචාරකයින් සඳහා ලබා දීම මෙන්ම මධ්‍යහ්න 12 සිට පස්වරු 02 දක්වා පැය දෙකක කාලයක් වනාන්තරයේ සංචාරය කිරීම අත්හිටුවන බැවින් එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ඉදි කෙරෙන විවේක ස්ථානයේ ඉදි කිරීම් කටයුතු වහා අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya