මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මධ්‍යම රාත්‍රියේ සිට ගාලුපාරේ ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස්රථ ඛාණ්ඩය ඉවතට - ප්‍රවාහන ඇමති

    ජනවාරි 04, 2023

    ගාලුපාරේ ගමන් කරන, කතරගම සිට කොළඹට ධාවනය වන බස්රථ වල අර්ධ සුඛෝපභෝගී බස්රථ ඛාණ්ඩය අද (04) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉවත් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ ය.

    සාමාන්‍ය බස්රථයක අයකරන ගාස්තුවට වඩා අර්ධ සුඛෝපභෝගී බස්රථයක අය කරන ගාස්තුව වැඩි වේ.

    ඒ අනුව, රුපියල් 1,541 ක් වූ අර්ධ සුඛෝපභෝගී බස්රථ වල අය කරන ලද ගාස්තුව රුපියල් 1,117 ක් වන බව අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    ඊට හේතුව වශයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ අර්ධ සුඛෝපභෝගී බස්රථ ඛාණ්ඩය ඉවත් කළ නිසා බවයි. මේ සම්බන්ධව ජාතික ගමනාගමන කොමිසම සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, එවැනි බස්රථ 28 ක් කතරගම සිට කොළඹට ගාලුපාරේ ධාවනය වන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya