මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ ගාස්තු අඩු කෙරේ

    ජනවාරි 04, 2023

    අද මධ්‍යම රාත්‍රී 12.00 න් පසු දක්ෂිණ අධිවේගී මාර්ගයේ  බස්රථ වලින් රජයට අයකරන තාක්ෂණික ගාස්තු 10% න් අඩු කෙරේ - ප්‍රවාහන ඇමති

     කොළඹ, ගාල්ල, මාතර අධිවේගී මාර්ගයේ බස්රථ වලින් රජයට අයකරන තාක්ෂණික ගාස්තුව 10%කින් අඩු කිරීම අද (04) මධ්‍යම රාත්‍රී 12.00 න් පසු ක්‍රියාත්මක බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    පසුගිය කාල වකවානුව තුළ කොරෝනා ව්‍යාප්තිය වැඩිවීම මෙන්ම ඒ හේතුව නිසා රට වසා දැමීමට කටයුතු කිරීම, ආර්ථික අර්බුදය වැනි හේතූන් නිසා මෙරට සෑම ක්ෂේත්‍රයකටම මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍ර යට ද දැඩි බලපෑම් එල්ල විය. විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම නිසා ප්‍රවාහන ගාස්තු ඉහළ යාම් වැනි කරුණු මඟීන්ට දැඩි බලපෑමක් එල්ල කරණ ලදී.

    එමෙන්ම, අධිවේගී බස්රථ ගාස්තු ද වැඩි කෙරුණු අතර එම නිසා අධිවේගී බස්රථ වල ධාරිතාවයට වඩා අඩු ප්‍රමාණයක් මඟීන් ගමන් කෙරේ. එම නිසා පුද්ගලික බස්රථ හිමියන්ට අධිවේගී බස්රථ සඳහා වසරකට ගෙවිය යුතු තාක්ෂණික ගාස්තුව ගෙවාගත නොහැකි බවට ඉල්ලීම් ද කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙකී කරුණු සැළකිල්ලට ගෙන සිදු කෙරුණු සාකච්ඡා වලින් අනතුරුව අධිවේගී බස්රථ වලට වසරකට ගෙවිය යුතු වැඩි කරන ලද ලක්‍ෂ 33 ක් වූ තාක්ෂණික ගාස්තුව වසරකට 1,296,000 ක් බවට අඩු කරන බව අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya