මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂණ විරෝධී පනත කඩිනමින් සම්මත කරනවා-අධිකරණ අමාත්‍ය

    ජනවාරි 03, 2023

    නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා නව නීති ප්‍රතිසංස්කරණ 22 ක් පමණ පසුගිය මාස හය තුළ සම්මත කර ඇති බවත් දුෂණ විරෝධී පනත කඩිනමින් සම්මත කර ගන්නා බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂමහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, 2023 නව වර්ෂයේ එම අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට පසුගියදා (2) එක්වෙමිනි.

    මහජන බදු මුදලින් වැටුප් ලබන මහජන සේවකයින් සේවය කළ යුතු වන්නේ මහජන සුභ සිද්ධිය සදහා වන අතර, ඒ සදහා 2023 නව වසරේ පවතින බාධාවන් අභියෝග හමුවේ වුව ද දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

    නීතියේ ආධිපත්‍යය ආරක්ෂා නොවන හා යුක්තිය ඉටුවීමේදී ප්‍රමාදයන් සිදු වන රටක් ලෙස අප රටට චෝදනා එල්ලව ඇති බව පැවසූ අමාත්‍යවරයා, එවැනි තත්වයක් පැවතීම ආයෝජකයින් පැමිණීමට බාධාවන් වන බවත්, එබැවින් එම චෝදනාවන්ගෙන් අත්මිදීම වෙනුවෙන් කටයුතු සිදු කරමින් පවතින බවත් පෙන්වා දුන්නේය.

    ජාතීන් අතර බිදවැටුණු සංහිඳියාව ගොඩනැංවීමේ කාර්යයේ දී භාරදුර කාර්යභාරයක් අධිකරණ අමාත්‍යාංශයට පැවරී ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා, ජාතික සමඟිය හා සංහිදියාව ගොඩනැංවීම ජනතාව රැවටීමට නොව හදවතින්ම සිදු කරන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට හා සත්‍යසෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

    පසුගිය කාලය තුළ උද්ගත වු ආර්ථික අර්බුදය හේතුවෙන් අරාජික තත්වයට පත් වු රට භාර ගැනීමට පවා කිසිවෙකු ඉදිරිපත් නොවු අතර එවැනි වටපිටාවක්තුළ වත්මන් ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කිසියම් සහනදායී වටපිටාවක් නිර්මාණය වී රට යථා තත්වයට පත්වෙමින් ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න මහතා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුලු එම අමාත්‍යංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya