මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය මේ වන විට මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා-වෙළඳ අමාත්‍ය

    ජනවාරි 03, 2023

    රජය මඟින් රට තුළ සිදු කෙරෙන ආහාර නිෂ්පාදනයෙන් කොටසක් අතිරික්තයක් ලෙස පවත්වා ගැනීමට හා ව්‍යාපාරිකයන් සඳහා වෙළෙඳපොල බාධා නැති කිරීමටත් සිය අමාත්‍යාංශයට විශාල වගකීමක් පවතින බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    එමෙන්ම, සියලු ආයතන 2022 වසර තුළ ලබා දුන් හා ලබා ගත් ඉලක්ක හා ඉන් සාර්ථක කරගත් ඉලක්ක මත 2023 නව වසර ආරම්භ කළ යුතු බවත්, පසුගිය වසර ආර්ථික හා දේශපාලන වශයෙන් විශාල අභියෝගයන් එල්ල වූ වසරක් බවත්, ඒ අනුව බිහිවුණු නව රජය හා කැබිනට් මණ්ඩලය කාලීන අවශ්‍යයතාවයක ප්‍රථිපලයක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    2020 – 21 වසර වල මෙරට ක්‍රියාත්මක වූ බදු ප්‍රතිපත්තිය මගින් සියලුම ක්ෂේත්‍රයන්ට අදාළව බදු සහන ලබා දීම හේතුවෙන් විශාල මුදලක් ආදායමට අහිමි වීම හා වෙළෙද ශේෂයේ හිඟය නිසා මුදල් මුද්‍රණය කිරීම තුළින් උද්ධමනය ඉහළ ගිය බවත් සඳහන් කළ අමාත්‍යවරයා, වත්මන් රජය එම බදු ප්‍රතිපත්තිය වෙනස් කළ බව සඳහන් කරන ලදී. රජය මඟින් ලබා දෙන නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය ඇතුළු සේවාවන් ලබා ගන්නා ජනතාවට රජය වෙනුවෙන් බදු ගෙවීමට වගකීමක් ඇති බවද ප්‍රකාශ කරයි.

    රජය මඟින් මේ වන විට මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින් පවතින බවත් 2023 වසරේදී එම වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා ආයතන දත්ත පිළිබද නිසි අවධානය යොමු කර නිවැරදි දත්ත මත තීරණ ගැනීමේ වැදගත්කම පිළිබදවද අදහස් පළකරන ලදී. ජ්‍යාත්‍යන්තර මූල්‍යය අරමුදල (IMF) සමඟ කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත්, ඒ පිළිබදව සැලකිලිමත් වෙමින් ආර්ථික කටයුතු මෙහෙයවන බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.2022 වසරේ සිය අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනයන්හි ප්‍රගතිය හා මඟහැරුණු කාර්යයන් පිළිබදව නව වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟින් සාකච්ඡා කොට නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (02)වන දා සිය අමාත්‍යාංශයේ දී ආගමික වතාවත් සිදු කර රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබූ අවස්ථාවේ නිළධාරීන් අමතා මේ බව ප්‍රකාශ කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya