මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය ස්ථානාධිපතිවරු 44 දෙනකුට පත්වීම් ප්‍රදානය කෙරේ

    ජනවාරි 03, 2023

    මෙම වර්ෂයේ දී දුම්රිය මෙහෙයුම් ලාභ පාඩු නොමැති තත්ත්වයට ක්‍රමානුකුල වැඩසටහනක් හා කැපවීමක් තුළින් දුම්රිය දෙපාර්තමේන්තුව පත් කර ගත යුතු බවත්, දුම්රිය සතුව තිබෙන වත්කම් දේපොළ නිසි පරිදි කළමනාකරණය කළ හොත් වඩා ඉහළ අදායමක් ලබන තත්ත්වයට පත් කර ගත හැකි වන බවත්, එමඟින් මහජනතාවට අනවශ්‍ය ආකාරයට අමතර බරක් හිස මත පැටවීම වැළක්වීමට හැකි වනු ඇති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    එමෙන්ම, ප්‍රමාණවත් නොවන භෞතික සහ මානව සම්පත පැවතීම මෙන්ම බොහෝ ආර්ථික හා තාක්ෂණික අපහසුතාවයන් නිසා දුම්රිය දෙපාර්තමේන්තුව පීඩාවට පත්ව ඇති අවස්ථාවක වුවද, දුම්රිය රියදුරන්, නියාමකවරුන් මෙන්ම තාක්ෂණික නිළධාරීන් ආදී සියලු දුම්රිය සේවකයින්ගේ කැපවීමෙන් යුතු ව එදිනෙදා මහජනයාට විශාල සේවාවක් කිරීමට ඉදිරිපත් ව තිබෙන බවත්, එහෙත් දුම්රිය ප්‍රමාණවත් ලෙස සංවර්ධනය නොවීම මත ඇතැම් අවස්ථාවල ප්‍රමාණවත් තරම් සේවාවක් ලබා දීමට නොහැකි වීම නිසා යම් යම් දුෂ්කරතාවයන් එල්ල වී ඇති බවත් හෙතෙම පැවසීය.

    අද (03) දුම්රිය ස්ථානාධිපතිවරුන් 44 දෙනකුට පත්වීම් ලබා දීමට සිය අමාත්‍යංශයේ දී කටයුතු කළ බන්දුල ගුණවර්ධන අමත්‍යවරයා පැවැසුයේ, රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව මෙම වසරේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමක් නොමැති අවස්ථාවක, රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ වුවද, දුම්රිය සේවාව සඳහා සේවකයින් නොමැතිව පවත්වාගෙන යාම සිදු කළ නොහැකි බැවින් 2021 දී අයදුම්පත් කැඳවූ මෙම තනතුර සඳහා 29,000 ක අපේක්ෂකයින්ට විභාගයක් පවත්වා විනිවිදභාවයකින් යුතුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබා දී ඇති ලැයිස්තුවට අනුව මෙම ස්ථානාධිපතිවරුන් 44 දෙනකු තෝරා පත් කර ගත් බවයි.

    මෙම ලබා දුන් පත්වීම් සඳහා කිසිඳු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවත්, අනාගත පරපුරට වඩාත් හොඳ දුම්රිය සේවාවක් ලබා දීමට හැකි වන ආකාරයට පරිවර්තනය කර ගත හැකි ආකාරයේ වැඩපිළිවෙල් සිදු කිරිමටත්, එම වගකීම අභිනවයෙන් භාර ගැනීමට සුදානම් වන පිරිසක් වශයෙන් දුම්රිය ස්ථානාධිපතිවරු ලෙස නවක පත්වීම් ලබන තරුණ නිළධාරීන් යොදා ගැනීමට කටයුතු කරන බවටත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    එමෙන්ම ඉදිරි කාලය තුළ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් ඇතුලු නිළධාරීන්ට කොන්ත්‍රාත් පදනම මත යළිත් සේවය ලබාගැනීමට කටයුතු කරන බවත්, එතෙක් අනිකුත් විභාග ප්‍රතිඵල අනුව අවසර ලැබෙන ආකාරයට අනුපිලිවෙලට බඳවා ගැනීම කිරීමටත් බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ, දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්.ජී.එස් ගුණසේකර, යන මහත්වරුන් ද සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya