මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන ආදායම වැඩිකර ගැනීමට නිදහස් වෙළඳ ගිවිසුම් හැකිතාක් ඇති කරගත යුතුයි - කැබිනට් ප්‍රකාශක

    ජනවාරි 03, 2023

    අපනයන ආදායම වැඩිකර ගැනීමට නම් අප කැමති වුවද අකමැති වුවද කඩිනමින් ජාත්‍යන්තර වෙළඳපොළට ඇතුළත්වී නිදහස් වෙළඳ ගිවිසුම් හැකිතාක් ප්‍රමාණයක් ඇති කරගත යුතු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    විශාලම ජාතික අර්බුදය රටේ සංචිත ප්‍රමාණය කඩාවැටීමත්, විදේශ ණය වාරික සහ පොළී ගෙවිය නොහැකි වීමත් බව කියා සිටි අමාත්‍යවරයා ජාත්‍යන්තර වෙළඳ ගණුදෙනු සම්බන්ධයෙන් වසර 75ක නිදහසින් පසු ඉතිහාසය තුළ දරුණුතම තීරණාත්මක අවධියක් අප පසුකරමින් සිටින බවද පැවසුවේය.

    ජාත්‍යන්තර ගණුදෙනු පියවීමේදී ඒ සඳහා වන ජාත්‍යන්තර පිළිගත් ආයතන අපේ රට විශාල වශයෙන් පහළට ශ්‍රේණිගත කර ඇතැයිද, එම ශ්‍රේණිගත කිරීම් තුළ දේශපාලන වශයෙන් කිසිම දේශපාලනඥයෙකුට විසඳුමක් දිය නොහැකි බවද අවධාරණය කළේය.

    භාණ්ඩ ආනයනයේදී අප රට නිකුත් කරන ණයවර ලිපි අදාල රටවල් වලින් පිළිනොගතහොත් කෙතරම් අවශ්‍යතාවයක් පැවතියද කිසිදු භාණ්ඩයක් ආනයනය කළ නොහැකි වන බව කියාසිටි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, රට සතුව පවතින විදේශ වත්කම් ප්‍රමාණය මත ආනයන හැකියාව තීරණය වන බව කියා සිටියේය.

    දළ විදේශ වත්කම් වල ආනයන ශක්‍යතා දර්ශකය නමින් දර්ශකයක් සකස් කරන බවද රට සතු දළ විදේශ වත්කම් වල ආනයන ශක්‍යතාවය එනම් ආනයනය කිරීම සඳහා අවම වශයෙන් මාස 03කවත් වත්කම් පැවතිය යුතු බවද පැවසුවේය. එය ලොව රටවල සාමාන්‍ය පිළිගැනීම බවද බොහෝ සංවර්ධිත රටවල දළ විදේශ වත්කම් මෙන් කිහිප ගුණයක ආනයන ශක්තිය පවතින බවද සඳහන් කළේය.

    අප රට සතුව එවැනි හැකියාවක් නොපවතින බැවින් එයට විසඳුම වනුයේ හැකිතාක් විදේශ විනිමය ඉපැයුම් වර්ධනය කරගැනීමත්, රටින් පිටට ගලායන විදේශ විනිමය අඩු කරගැනීමත්, ගෙවුම් ශේෂය මත පවතින පීඩනය අඩුකර විදේශ සම්පත් වැඩි කරගැනීමත් මිස මේ සඳහා කිසිදු දේශපාලන විසඳුමක් නොමැති බවද අවධාරණය කළේය.

    ණය ප්‍රතිව්‍යූහගතකරණය කර එම ණය ගෙවීමට පිළිවෙතක් සකස් කර අප සතු විදේශ සංචිත ප්‍රමාණය කෙසේ හෝ වර්ධනය කර නොගතහොත් අප රට ඉතා දුෂ්කර අඩියකට පත්විය හැකි බවද ඒ සඳහා මහ බැංකුවත්, මුදල් අමාත්‍යංශයත් රාජ්‍ය ණය ප්‍රතිව්‍යූහගතකරණයට භාරදී ඇති සමාගම්ද මෙම වර්ෂය තුළ ප්‍රයත්න දරන බවද සඳහන් කළේය.

    වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව, චීනය ආදී රටවල් විශාල වශයෙන් නිදහස් වෙළඳ ගිවිසුම්වලට ඇතුළත් වී ඇතැයිද එලෙස නිදහස් වෙළඳ ගිවිසුම් වලට අප රට ඇතුලත් නොවුණහොත් තීරු බදු සහන සහිතව අන් රට වලට භාණ්ඩ ලැබෙනා විට අපගේ නිෂ්පාදකයන්ට වෙළඳපොළ තුළ තරඟ කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බවද පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya