මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මගනැගුම කාර්යාලයේ සිදුවීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක්-ප්‍රවාහන අමාත්‍ය

    ජනවාරි 03, 2023

    මගනැගුම කාර්යාලයේ ඊයේ (2) ඇති වූ කලහකාරි සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඊයේ (02) මගනැගුම කාර්යාලයේ දී එහි සභාපතිවරයාට සහ ඉහළ කළමනාකරණයට එල්ල වූ ප්‍රහාරය සහ විරෝධය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව පැවසීය.

    සියලුම රාජ්‍ය සේවකයින්ට භියෙන් හා සැකයෙන් තොරව රටතුළ රාජකාරී කිරීමට අවශ්‍ය වාතාවරණය සැළසිය යුතු බවත් රාජ්‍ය ආයතනවලට සහ විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් පහර දීම සංවිධානාත්මක ක්‍රියාවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    රාජ්‍ය ආයතන ප්‍රධානින් මෙලෙස බිය ගැන්වීම නොකළ යුතු බවත් රාජ්‍ය ආයතන වල නිලධාරින්ට නිදහසේ තම රාජකාරී ඉටු කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව සැළසිය යුතු බවත් හෙතෙම පැවසීය.

    සංවිධානාත්මක මැර පිරිසක් විසින් එම ආයතනයට ගොස් , ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදී බැණ තර්ජනය කර තිබෙන බවත් එම පිරිස පොදු දේපළ වලට හානි පමුණවමින් ගේට්ටු වසා දමමින් සංග්‍රහ කිරීමට ගෙනැවිත් තිබූ කැවිලි ආදියෙන් පහර දී තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

    එය නොවිය යුතු ක්‍රියාවක් බවත් මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya