මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වල 2 සිට 11 දක්වා ශ්‍රේණිවලට (6 ශ්‍රේණිය හැර) සිසුන් ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදයක්

    ජනවාරි 03, 2023

    පාසල්වල 2 සිට 11 දක්වා ශ්‍රේණිවලට (6 ශ්‍රේණිය හැර) සිසුන් ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද(03)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    ඒ අනුව දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් විධිමත් කරමින් අතරමැදි ශ්‍රේණිවලදී සත්‍යවශයෙන්ම පාසල් මාරු කිරීමට අවශ්‍ය කණ්ඩායම් හඳුනාගනිමින් සියලු සිසුන්ට සධාරණ හා සම්ප්‍රවේශ අවස්ථා සැලසෙන පරිදි මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙන බව අමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    ජනප්‍රිය යම් සම්මත ඇතැම් පාසල් වල පන්තිකාමරයක දරුවන් සංඛ්‍යාව 50-55 දක්වා වැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් ගුරුවරුන්ට සිසුන්ගේ පොත් පත් පරීක්ෂා කිරීමට හෝ බැරි වෙලා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයට මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඉල්ලීම් එනවා.

    ඒ අනුව දැනට පවතින 1-5 ශ්‍රේණිවල එක් පන්තියක සිටින උපරිම සිසුන් සංඛ්‍යව 40 සහ 6-11 ශ්‍රේණි වල එක් පන්තියක සිටින උපරිම සිසුන් සංඛ්‍යාව 45 වශයෙන් එම ක්‍රමවේදය නොවෙනස්ව පවත්වාගෙන යන බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya