මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභියෝගාත්මක වසරක ජයග්‍රහණය කරා යාම සඳහා රටක් ලෙස අධිෂ්ඨාන කර ගනිමු - අග්‍රාමාත්‍ය

    ජනවාරි 03, 2023

    “උදාවූ මේ වසර රටක් ලෙස අභියෝගාත්මක වසරක්,මේ අභියෝගාත්මක වසරේ ජහග්‍රහණය කරා යාම සඳහා රටක් ලෙස අධිෂ්ඨාන කර ගත යතු බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.

    අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පලකළේ, රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ 2023 වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්තාවට එක්වෙමිනි.

    රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරේ කටයුතු ආරම්භ කිරීම මෙවරත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී සිදුවිය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ”ඉදිරි වසර 25 ක කාලය ඉලක්ක කොට ගෙන අපි අපේ සංවර්ධන ඉලක්ක නිර්මාණය කල යුතුයි.පහුගිය කාල වල දියත් කෙරුණ ඇතැම් අතාර්කික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ අප යලි සලකා බැලිය යුතුයි.එවැනි දේ යලි නොවන්නට වගේම ජනතාව සමග වන සංවර්ධනයක් සඳහා වන වැඩසටහන් රාජ්‍ය නිලධාරීන් වන ඔබ ක්‍රියාත්මක කළ යුතුයි.පසුගිය කාලයේ ජනතාවක් ලෙස ඔබ වින්ඳ වේදනාවන් යම් පමනකට සමහන් කිරීමට අපිට මේ වන විට හැකිව තියෙනවා.කොහොම වුනත් එළඹි මේ වසර තුල වඩ වඩාත් වේගවත් සංවර්ධනයක් ඉලක්ක කොට ගෙන අපි අපේ වැඩ කටයුතු සංවිධානය කර ගත යුතුයි.මේ සංවර්ධන ප්‍රවේශයේදී අමාත්‍යංශ ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරීවරයා දක්වා සියල්ලන් ඒක රාශීවූ වැඩසටහනක් රාජ්‍ය සේවය තුලින් ක්‍රියාවට නැන්විය යුතුයි.ඒ වගේම නව අදහස් උදහස් වලට රාජ්‍ය සේවයේ ඇති ඉඩකඩ තව තවත් වැඩි කල යුතුයි කියල මම විශ්වාස කරනවා.දැන් අපේ රටට අවශ්‍යව තියෙන්නේ ගම ඔසවා තබන ව්‍යාපෘතින්.ඒ නිසයි අපි ග්‍රාමීය පුනර්ජීවන වැඩ සටහන දිවයින පුර ක්‍රියාවට නන්වා තියෙන්නේ.

    මෙම වැඩසටහන වඩාත් සාර්ථක කර ගැන්ම සඳහා ඔබ සැමගේ සහය පසුගිය වසරටත් වඩා වැඩියෙන් මේ වසරේදී රජයට අවශ්‍ය වනවා ” යැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    මෙම අවස්තාවට එක්වෙමින් අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ රාජ්‍ය සේවයේ නිලධාරීන් ලෙස තමන් අපේක්ෂා කරන්නේ මූලික ලෙසම උපරිම කැපවීමෙන් මහජන සේවාව සැපයීම බවයි.විශේෂයෙන් අමාත්‍යංශයට දිනපතා සිදුවන මහජන පැමිණීම් හැකි පමණ සීමා කිරීම හා මහජන සේවාව කඩිනමින් කරදීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. එමෙන්ම ඇතැම් රජයේ කාර්යාලයන්හි සේවා කාලය තුළ සමාජ මාධ්‍ය භාවිතය ඉහළ ගොස් ඇතැයි සඳහන් කල අමාත්‍යංශ ලේකම්වරයා එවැනි දේ සීමාවකට යටත්ව සිදු කළ යුතු බවටද අදහස් දැක්වීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya