මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය කල් තැබීමට කිසිදු යටි අදහසක් නෑ-කැබිනට් ප්‍රකාශක

    ජනවාරි 03, 2023

    මැතිවරණ කොමිෂන් සභාවෙන් නියම කරන ලද නිසි මොහොතේදී මැතිවරණය තැබීමට ක්‍රියාකරන බවත්, මේ වන විට ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් පවා අයදුම්පත් කැඳවා ඇති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද( ජනවාරි 03) පැවති වසරේ ප්‍රථම කැබිනට් ප්‍රකාශ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ පලාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවේ කිසියම් අභිප්‍රායයක් ඇති බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසු අවස්ථාවේදී එයට පිළිතුරු වශයෙනි.

    ආණ්ඩු පාර්ශවය වශයෙන් සිය පක්ෂයෙන්ද මේ වන විට පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සූදානම් බවත්, ඒ සම්බන්ධයෙන් අපේක්ෂකයන් සඳහා අයදුම්පත් කැඳවා ඇති බවත්, මැතිවරණ කොමිසමේ නියෝග මත සියලු කටයුතු සිදුකෙරෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මැතිවරණය කල් තැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිදු යටි අදහසක් නොමැති බවත්, සියලු මැතිවරණ නිසි පරිදි තැබීම සිය අපෙක්ෂාව බවත්, අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya