මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය සේවය සඳහා සුදුසුකම් තිබෙන රාජ්‍ය සේවකයින්ට අයදුම් කිරීමට අවස්ථාව - ප්‍රවාහන අමාත්‍ය

    ජනවාරි 03, 2023

    රාජ්‍ය සේවය තුළ සිටින දුම්රිය සේවය සඳහා සුදුසුකම් තිබෙන රාජ්‍ය සේවකයින් හට අයදුම් කිරීම සඳහා ලබන සතියේ ප්‍රසිද්ධ පුවත්පත් දැනුම් දීමක් සිදු කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    මේ සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය රියදුරන් ආදී වශයෙන් සුදුසුකම් තිබෙන දැනට රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිළධාරීන්ට අයදුම් කිරීමට අවස්ථාව හිමිවන බව හෙතෙම මෙහි දී පැවසීය.

    එමෙන්ම, අත්‍යවශ්‍ය සේවා වල හිඟය නිසා කොන්ත්‍රාත් පදනම යටතේ පසුගිය කාලයේ දී දුම්රිය සේවකයින් බඳවා ගෙන තිබෙන නමුත් පසුගිය වසර වල ඒ ඒ අවස්ථාවල දුම්රිය සේවය සඳහා ක්‍රමානුකූලව බඳවාගැනීම් සිදු ව නැති නිසාත්, දුම්රිය සේවය පුහුණුවක් නොමැති ව කළ නොහැකි නිසාත්, කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමේ දී ඒ සඳහා වැඩි පිරිවැයක් දැරීමටත් සිදු වන නිසාත් මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya