මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාවකාලිකව බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

    ජනවාරි 03, 2023

    දේශීය වෙළෙඳපොළෙහි පවතින බිත්තර හිඟයට පිළියමක් වශයෙන් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඒ අනුව බිත්තර ගොවියා ආරක්ෂා කර ගනිමින් පාර්භෝගිකයාට දැරිය හැකි මිලට බිත්තර ලබා දීම සඳහා තාවකාලි වශයෙන් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය හිමි වී ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ පැවති අවස්ථාවේදී වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් වූ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ,වෙළඳපළ බිත්තරයක මිල රු 50කටත් වඩා අධික මිලට ගැනීමට සිදුවීම නිසා විශේෂයෙන් කුඩා දරුවන් සිටින දෙමව්පියන් විශාල අපහසුවකට මුහුණ දී තිබෙන බවයි.

    බිත්තර හිඟය සහ බිත්තර මිල සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේ දී දීර්ඝ ලෙස කතා කළ බවත් ඒ අනුව තාවකාලික වශයෙන් බිත්තර තොග ආනයනය කිරීමට අවසර ලබා දුන් බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya