මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත විභාග ක්‍රියාවලියේ ගුණාත්මක සංවර්ධනය ඉහළට - ජාත්‍යන්තර මට්මටමේ විභාග ක්‍රමවේදයක්

    ජනවාරි 03, 2023

    සමස්ත විභාග ක්‍රියාවලියේ ගුණාත්මක සංවර්ධනය ඉහළ දමමින් ජාත්‍යන්තර මට්මට ළගා විය හැකි විභාග ක්‍රමවේදයක් සකස් කරන බව නව විභාග කොමසාරිස් එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතා පැවසීය‍.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තම්න්තුවේ 21 වෙනි විභාග කොමසාරිස්වරයා වශයෙන් ඊයේ දින(2) විභාග දෙපාර්තමේන්තුවේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් ජයසුන්දර මහතා මේ බව පැවසීය.

    දරුවා ඇගයුම් කරණ ක්‍රියාවලිය වඩාත් ජාත්‍යන්තර ක්‍රමවේදයට අනුව සිදු කිරීම සහ වඩා හොඳ විභාග වාතාවරණයක් ඇති කිරීම තම අරමුණ බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

    ඉදිරියේදී විභාග පවත්වන අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධ වෙමින් ජාත්‍යන්ත ප්‍රමිතියට ළගා විය හැකි විභාග ක්‍රමවේදයක් සකස්කරන බවද හෙතෙම පැවසීය.විභාග පිළිතුරු පත් ඇගයීමේ ක්‍රමවේදය පිළිබඳව වැඩි අවධානය යොමු කරන බවත් එහි ගුණාත්මක බව ඉහළ දැමීමට කටයුතු කරන බවද කීය. විභාග වාතාවරණය දියුණු කිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කරන බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ විභාග කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ දරුවා තක්සේරු කිරීම ශ්‍රාස්තීය කාර්යයක් බවයි.

    තාක්ෂණය යොදා ගැනීම අතින් විභාග දෙපාර්තමේන්තුව ඉහළින්ම සිටින ආයතනයක්. තාක්ෂණය යොදා ගැනීම නිසා සැළසුම් කර ගත් ආකාරයටම විභාග පැවැත්වීමට හැකියාව ලැබුණා. තැපෑල සහ ප්‍රවාහන අඩාල වුවත් තාක්ෂණය යොදා ගැනීම නිසා එම කටයුතු සාර්ථක වුණා. මාර්ග ගත ක්‍රමවේදය හරහා විශාල සේවාවක් ලබා දීමට හැකි වුණා. එම තත්වය ඉදිරියේදී තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. විභාග දෙපාර්තමේන්තුවට පසුගිය වසරේ විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදු වුණා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සහ ඉන්ධන අර්බුධ නිසා.විභාග දෙපාර්තමේන්තුව කියන්නේ භෞතික කාරණා මත කටයුතු කරන ආයතනයක් නොව මානව සම්බන්ධතා මත කටයුතු කරන ආයතනයක්. රට මෙහෙය වන්නට අවශ්‍ය මානව සම්පත තෝරා දීමේ වගකීම විභාග පැවරෙන්නේ විභාග දෙපාර්තමේන්තුවටයි.

    එම කටයුතු සාර්ථක කර ගැන‍්මට කටයුතු කරන බවද කීය.එමෙන්ම විභාග වල ගුණාත්මක සංවර්ධනය ඉහළ දැමීම සඳහා සහාය වන ලෙස තම නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya