මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නව වසරේ රාජකාරි අරඹයි

    ජනවාරි 02, 2023

    බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ අනුබද්ධ ආයතන කාර්ය මණ්ඩලය, අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමඟ එක්වී 2023 නව වර්ෂයේ වැඩ ආරම්භ කළේය.

    බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ධර්මපාල මාවත පරිශ්‍රයේත් බත්තරමුල්ල සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශ පරිශ්‍රයේත් ජාතික උරුම අංශයේත් අද දින (02) අමාත්‍යංශ ලේකම් ඇතුළු ආයතන ප්‍රධානීන් සහ කාර්යමණ්ඩලය, අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් 2023 නව වසරේ වැඩ ඇරඹීමට මත්තෙන් චාරිත්‍රානුකූලව ආගමික වතාවත් සිදුකරනු ලැබිණි.

    මෙහි දී අමාත්‍යංශය ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් විසින් කාර්ය මණ්ඩලය වෙත, පසුගිය වසර වලදී ආයතන කාර්යමණ්ඩල විසින් ඉටු කරනු ලැබූ සාමූහික වගකීම් වෙනුවෙන් ස්තූතිය පිරිනැමූ අතර, නව වසරේ සාමුහිකව එක් වී අමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ තව තවත් ජනතා සේවය වෙනුවෙන් කැප වී ක්‍රියා කිරීමටත් සාමූහික වගකීම් නොපිරිහෙලා ඉටු කරීමටත් අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලබීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya