මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයන් බියෙන් හා සැකයෙන් තොරව ජනතා හිතවාදී ලෙස තීරණ ගත යුතුයි

    ජනවාරි 02, 2023

    රාජ්‍ය සේවකයන් බියෙන් හා සැකයෙන් තොරව ජනතා හිතවාදී ලෙස තියෙන තීරණ ගැනීමට හැකි විය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, 2023 නව වසරේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කරමින් අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකට එක්වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    රාජ්‍ය සේවකයන් ලෙස බියෙන් හා සැකයෙන් තොරව ජනතා හිතවාදී ලෙස තියෙන තීරණ ගැනීමට නිලධාරීන්ට හැකි විය යුතුයි. එහිදී පැරැණි ආකාරයේ සිතුම් පැතුම් වල එල්බගෙන සිටීමෙන් අනාගතය සාර්ථක කර ගැනීමට හැකි වන්නේ නැහැ. වඩාත් නිර්මාණශීලී ක්‍රමවේදයන් අනුගමනය කරමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් ඩිජිටල්කරණය කිරීම ඉතාමත්ම කාලෝචිත අවශ්‍යතාවයක්.
    විශේෂයෙන්ම ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව අනුගමනය කරන ආකාරයට දුම්රියට අවශ්‍ය අමතර කොටස් හා අනෙකුත් උපාංග දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයෝජකයින්ගෙන් තරඟකාරී මිල ගණන් වලට ලබා ගැනීමේ ක්‍රමවේදය මෙරට දුම්රිය සහ ලංකා ගමනාගමන මණ්ඩලය තුළත් ක්‍රියාත්මක කිරීමට හැකිනම් සිදුවන නාස්තිය හා දූෂණය විශාල ප්‍රමාණයකින් අවම කිරීමට හැකි බව මම විශ්වාස කරනවා.
    එමෙන්ම විවිධ මාධ්‍ය ඔස්සේ අමාත්‍යංශය අනෙකුත් ආයතන සම්බන්ධව පළවන ප්‍රවෘත්ති පිළිබඳව ආයතන ප්‍රධානීන්ගේ විශේෂ අවධානය නිරන්තරයෙන් යොමු විය යුතු බවත් ඒ පිළිබඳ ජනතාවට නිවැරැදි කරුණු පැහැදිලි කිරීම ඔවුන්ගේ වගකීමක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.


    මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් පත් කළ නව ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, සහකාර ලේකම්වරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති තුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා, අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya