මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන ආර්ථික අභියෝග හමුවේ වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට දෙන්නේ නැහැ- සෞඛ්‍ය ඇමති

    ජනවාරි 02, 2023

    රටේ ආර්ථික අභියෝග තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටීමට හෝ එම ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි නොකර ආර්ථික අර්බුදයට භාරදීමට කිසිසේත් සූදානම් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    සෞඛ්‍ය ක්ෂේත්‍රය සියලු ක්ෂේත්‍ර අභිබවා ගිය දැවැන්ත ක්‍රියාදාමයක් යැයිද එනිසා මෙම වසර තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින සියලු අභියෝග ජයගැනීමට සූදානම් යැයිද අමාත්‍යවරයා කීය.

    රාජ්‍ය සේවකයන් අද (02) පෙරවරුවේ නව වසර සඳහා වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් එම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති වැඩසටහනේදී අමාත්‍යවරයා මේ බව කීය.

    සෞඛ්‍ය ක්ෂේත්‍රය මෑත කාලයේ මුහුණ දුන් බරපතලම අභියෝගය කොවිඩ් උවදුර බවත් එහෙත් වත්මනෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන්නේ ඉන් එහා අභියෝගයකට බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. එ්තුළ කොවිඩ් ව්‍යසනය වෘත්තීමය වශයෙන් එම ක්ෂේත්‍රයට ජයගත හැකි අභියෝගයක් යැයිද එහෙත් වත්මන් අභියෝගය ආර්ථික ක්ෂේත්‍රය හා ගැටගැසුණු තත්ත්වයක් තුළ එයට මුහුණ දිය යුත්තේ කොවිඩ් ව්‍යසනයට මුහුණ දුන් ආකාරයට වඩා වෙනස් පසුබිමක් තුළ බවත් ඒ මහතා මෙහිදී කීය.

    මෙහිදී වැඩිදුරටත් කතාකළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

    රාජ්‍ය සේවක පඩි නඩි , විශ්‍රාම වැටුප් වලින් පසු ජනාධිපතිතුමා ප්‍රමුඛත්වය ලබාදී තිබෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටයි. ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වනු ලබනවා.

    අද වන විට අපි සැපයුම්කරුවන්ට විශාල මුදලක් ලබාදීමට තිබෙනවා මේ වන විට. ඒ අය සමඟ සාකච්ඡා කොට මෙම ප්‍රශ්න විසඳා ගනිමින් තිබෙනවා. ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස අපට ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. අප කොවිඩ් අර්බුදය මෙන්ම මෙම අභියෝගයද ජයගත යුතුමය. ඒ සඳහා අප කැපවී කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපවීම තවදුරටත් මෙම වසර තුළ වඩ වඩාත් ඉහළ මට්ටමින් අපේක්ෂා කරනවා.

    ඇතමුන් සිතනවා 2022 අභියෝග සමඟ වසර අවසන් කියලා.ඒත් ඒක එහෙම නැහැ. 2023 වසර තමයි අභියෝග වලට අපට මුහුණ දීමට සිදුව තිබෙන්නේ.සෞඛ්‍ය ක්ෂේත්‍රය භාර අමාත්‍යවරයා ලෙස මාගේ වෙනම ප්‍රතිඥාවක් තිබෙනවා. ඒ අභියෝග සියල්ල ජයගන්න කළ හැකි , කළ යුතු සියලු දේවල් පිළිගත් සමාජ නීතිය තුළ කරනවා කියන එක. ඒ අභියෝග වලට මුහුණ දෙන්න මා සූදානම්. ඕනෑම පරිසරයක කටයුතු කරන්න මම සූදානම්.

    මං මෙතන දේශපාලන කතා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි වර්තමානයේ තියෙන අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඒක සෑම පුරවැසියකුගේම ප්‍රශ්නයක්. තවදුරටත් ප්‍රශ්නයේ වැඩිම බර තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. ආහාර සුරක්ෂිතබාවය ගැන කතා කෙරෙනවා. මම හැමවෙලේම කියනවා සීනි, පරිප්පු , මුං ඇට, හාල්මැස්සෝ මොනවාහරි අඩුවක් තියෙනවා නම් ඒක ගේන්න පුළුවන්. ඖෂධ එහෙම ගේන්න බැහැ.ඒක ඉන්දියාවට, පකිස්ථානයට, මියන්මාරයට, ඩකා වලට ගිහිල්ලා සතියක් ඇතුළත ලංකාවට ගේන්න පුළුවන්.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එහෙම කරන්න බැහැ. එය ඉන් එහා ගිය මහා දැවැන්ත ක්‍රියාදාමයක්. ඒ නිසාම යම් යම් චෝදනා වලට අපි ලක් වෙනවා. ඒක මං හිතනවා නොදැනුවත්කම තුල නැගෙන චෝදනාවක් කියා . මොකද මේ නිලධාරීන් සියලු දෙනාම මොනතරම් මහන්සියක් වෙනවද කියලා මම දන්නවා. ඒ තුළ සාමාන්‍ය තත්ත්වයෙන් එහා ගිය විදිහට අපි කටයුතු කරන්න ඕනෑ මෙම තත්ත්වය විසඳා ගැනීමට නම්.

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම්වරුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya